සල්මන් 5 වසරක් හිරේට

සල්මන් 5 වසරක් හිරේට

බීමත්ව රිය පදවා පුද්ගලයකු ඝාතනය කිරීමේ වරදට සුප්‍රකට බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට ඊයේ මුම්බායි අධිකරණයක් මගින් පස් වසරක සිර දඬුවමක් නියම කරන ලදී. වසර 2002 දී ඇතිවූ මේ සිද්ධියේදී රාත්‍රී සමාජ ශාලාවකදී බීමතින් පසුවූ සල්මන් ඛාන් බමන මතින් රිය පදවා පදික වේදිකාවේ නිදා සිටි පුද්ගලයන් පස් දෙනෙකු යට කර තිබිණ.

එහිදී එක් අයකු ජීවිතක්ෂයට පත්වූ අතර අනෙක් සිවුදෙනා තුවාල සිදු විය. ඒ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේදී රිය අසුනේ සිටියේ තමන් නොව තම රියැදුරා බව සල්මන් ඛාන් කියා තිබිණි. එහෙත් ඔහුට පස් අවුරුදු සිර දඬුවම නියම කළ විනිසුරුවරයා රියැදුරු අසුනේ සල්මන් ඛාන් සිටි බැව් සාක්ෂිවලින් තහවුරු වී ඇති බැව් ප්‍රකාශ කළේය.

ඔහුට දස අවුරුදු සිර දඬුවමක් නියම වනු ඇතැයි සැලකී තිබුණු අතර වත්මන් තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව සල්මන්ගේ නීතිවේදීහු පැව­ැසූහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා