විකුණ ගන්න බැරි තැන බලු පැටවු නවය ම මරා දාලා

විකුණ ගන්න බැරි තැන බලු පැටවු නවය ම මරා දාලා

බලු පැටවු නව දෙනකු ගඩොල් කැටයකින් පහරදී මරා දැමීමට වරදකරු වූ ඔස්ට්‍රෙලියානු ජාතිකයකුට සත්ව හිංසන චෝදනා යටතේ පෙරේදා 18 මසක සිර දඬුවමක් නියම විය.

සිඩ්නි නගරයෙන් කිලෝ මීටර 150ක් දුර කියුරි කියුරි හිදී මේ සත්ත්ව ඝාතනය සිදු කළ 25 හැවිරිදි නාදන් තොම්ප්සන් නම් තැනැත්තා අධිකරණය හමුවේ වරද පිළිගෙන තිබුණේ ඇසින් දුටු එකම සාක්ෂියකින් එය තහවුරු වීමත් සමඟය.

මරා දැමීමට ගෙන ගිය බලු පැටවුන් අතරින් එකකු පමණක් දිවි ගලවා ගෙන ඇති අතර දැන් ඌ 'ලකී" යන නමින් අමතනු ලැබේ.

බලු පැටවුන්ගේ අයිතිකරු අන්තර්ජාලය ඔස්සේ උන් විකුණා දැරීමට ගත් උත්සාහය ව්‍යර්ථ වීමෙන් පසු සුනඛ වෙළෙඳාමේ හපනකු ලෙස ප්‍රසිද්ධ තොම්ප්සන්ට උන් බාරදී ඇත. ඔවුන් රැකවරණ ස්ථානයකට ගෙන යාමට මුලින් අදහස් කළ තොම්ප්සන් පසුව උන් මරා දැමීමට තීරණය කොට තිබේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා