මධ්‍යධරණී මුහුදේ මිනිස් ජාවාරම් නවත් වන ක්‍රම සොයයි

මධ්‍යධරණී මුහුදේ මිනිස් ජාවාරම් නවත් වන ක්‍රම සොයයි

අනවසර සංක්‍රමණිකයන් දහස් ගණනින් මධ්‍යධරණී මුහුද ඔස්සේ යුරෝපා රටවලට පැමිණීම නිසා උද්ගතවී ඇති අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සලය ලබන සතියේදී විශේෂ රැස්වීමක් පැවැත් වීමට නියමිත බව රාජතාන්ත්‍රික ආරංචි මාර්ග අනාවරණය කරයි.

මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්වී ඇති මෙම සංක්‍රමණිකයන් පැමිණීම සීමා කිරීමට යුරෝපා හවුල ක්‍රියා කිරීමට සැලසුම් කර ඇති ආකාරය පිළිබඳ යුරෝපා හවුලේ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ප්‍රෙඩ්‍රිකා මොග්හෙරිම් සාමාජිකයන්15 දෙනකුගෙන් සමන්විත සාමාජිකත්වයට ලබන සඳුදා අනාවරණය කිරීමට සූදානම් වේ.

යුරෝපා හවුලේ එම සැලැස්ම තහවුරු කරන කෙටුම්පත් යෝජනාවක් සකස් කිරීමට බ්‍රිතාන්‍ය , ප්‍රංශය, ස්පාඤ්ඤය සහ ලිතුවේනියාව යන ජගත් සංවිධාන සමාජිකයන් කටයුතු කරමින් සිටී .

අනවසර සංක්‍රමිකයන් නොනැවති තම රටට ගලා ඒම පිළිබඳ උග්‍රතම ගැටලුවට මුහුණ දෙන ඉතාලිය එම ගැටලුව නිරාකරණය කර ගැනීමට තමන්ට සහාය වන ලෙස යුරෝපා හවුලෙන් ඉල්ලා තිබේ. එම ඉල්ලීම ඉදිරිපත් කිරීමට ආසන්නතම හේතුව වී ඇත්තේ ඉතාලි මුහුදෙන් ඔබ්බේ අනවසර සංක්‍රමණිකයන් රැගත් බෝට්ටුවක් ගිලී යාමෙන් සංක්‍රමණිකයන් 40 දෙනකු මිය යාමයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා