දින 100 ඉවරයි: සතියෙන් සතිය කල් නොදමා පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට එන්න

දින 100 ඉවරයි: සතියෙන් සතිය කල් නොදමා පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයකට එන්න

මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන

ආණ්ඩුවට ජන වරම ලැබුණු දින සියයක කාලය දැන් අවසන් නිසා පාර්ලිමේන්තුව වහාම විසිරුවා හැරිය යුතු බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

විසුරුවා හරින බව කියමින් සතියෙන් සතිය ගමන් කරන මෙම ක්‍රියාවලිය වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් වහාම පාර්ලිමේන්තුව විසුරුවාපාර්ලිමේන්තුව හරින ලෙස ඉල්ලා සිටි ගුණවර්ධන මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවීමට බලා සිටින ජනතාවට එම අවස්ථාව ලබා දිය යුතු බවත් අවධාරණය කළේය.

ඒ මහතා එහිදී වැඩි දුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

අප පෙබරවාරි මස 18 වැනි දින නුගේගොඩින් ආරම්භ කළා එක්සත් ජාතික පක්ෂ විරෝධී ජනතා වේදිකාව. එය යෝධ ජන රැලියක් ලෙස කුරුණෑගල දී පැවැත්වෙනවා. මැයි මස 15 වැනි දා ලංකාවේ පළාත් පාලන ආයතන කොටසක කාලය හමාර කිරීමට ආණ්ඩුව තර්ජනය කිරීම අපි හෙළා දකිනවා. අප පාර්ලිමේන්තුවේ දී කළ විමසීමකට පිළිතුරු දෙමින් කරු ජයසූරිය ඇමැතිවරයා ප්‍රකාශ කළා සීමා නිර්ණය කිරීම අවසන් වූ පසු පළාත් පාලන මැතිවරණය තියනවා කියලා. සීමා නිර්ණ කටයුතු අවසන් වෙලා නැහැ. දින වකවානු තුනකට ආයතනවල කාලය හමාර වන නිසා එක දිනක මැතිවරණය තියනවා කිව්වා.

නමුත් දැන් ඒ සියලු කරුණු වලංගු නැති ප්‍රකාශ බවට පත් කිරීමට කරු ජයසූරිය ඇමැතිවරයා, අගමැතිවරයා සහ ජනාධිපතිවරයා කටයුතු නොකළ යුතු බව අපි කියනවා. සියලු පළාත් පාලන ආයතනවල කාලය හමාර වන විට මේ පළාත් පාලන ආයතන විසුරුවා හැරීමට කටයුතු කළ යුතුයි. ගැසට් කළ යුතු සීමා නිර්ණ වාර්තාව ගැසට් කරන ලෙසත් පාර්ලිමේන්තුව ඒකඡන්දයෙන් සම්මත කළ ඡන්ද ක්‍රමය ක්‍රියාත්මක කරන ලෙසත් අප ඉල්ලා සිටිනවා. මේ ආණ්ඩුව පත් වූ පසු සියලු සංවර්ධන කටයුතු අත්හිටෙව්වා. ජාතික, ආසන, දිස්ත්‍රික් මට්ටමේ සියලු සංවර්ධනය මේ අය අත්හිටෙව්වා. මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් රටේ ඇරැඹුණු සියලු සංවර්ධන කටයුතු නතර කළා. මේ පළාත් පාලන ආයතන විසුරුවා හැරීම නිසා ‍මේ සභාවල සංවර්ධන කටයුතු සම්පූර්ණයෙන් අඩපණ වෙනවා. ඒ නිසා ජන ජීවිතය අර්බුදයකට ලක් වෙනවා. ඒ නිසා අපි එම කාලය දීර්ඝ කරන ලෙස අපි ඕනෑකමින් රජයට බලකරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා.

ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක් පැවැත්වුණා. එම සාකච්ඡාව ගැන රාජ්‍ය මාධ්‍යවලින් ප්‍රචාරය වුණේ වැරැදි මතයක් ඇති වන ආකාරයටයි. රාජ්‍ය මාධ්‍ය කුමන්ත්‍රණකාරී ලෙස ක්‍රියාකිරිම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමඟියේ ශක්තියට බාධාවක්. අපි පසුගිය දිනෙක සුසිල් ප්‍රේමජයන්ත මන්ත්‍රීවරයාගේ ගෙදර මේ සාකච්ඡාව ගැන සාකච්ඡාවක් තිබ්බා. ඒකට මන්ත්‍රීවරුන් රැසක් සහභාගී වුණා. එහිදී අප කථා කළේ මේ සාකච්ඡාව ඉතා ඵලදායි විය යුතු බවයි. කාරණා පහක් ගැන මේ සාකච්ඡාව පැවැත්විය යුතු බව අපි තීරණය කළා.

පාර්ලිමේන්තුවේ පැවැති සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට සුබවාදී ආකල්පයකට පැමිණියා. ජනාධිපතිවරයා හෝ හිටපු ජනාධිපතිවරයා නොමැති අවස්ථාවල අප හෝ මේ සාකච්ඡාවට ඉදිරියට ගෙන යාමට අප කථා කර ගත්තා. රාජ්‍ය මාධ්‍ය මඟින් හිටපු ජනාධිපතිවරයාගේ බලාපොරොත්තු සුන් වූ බව ජාත්‍යන්තරයට පෙන්වා දීමට උත්සාහ කරනවා. ජනාධිපතිවරයා අපට පොරොන්දු වුණා මූල්‍ය අපරාධ කොට්ඨාසය ගැන සොයා බලනවා කියලා. ඒක සුබවාදී ලක්ෂණයක්. කුරුණෑගල රැස්වීම ජනාධිපතිවරයාට එරෙහිව පැවැත්වෙන රැස්වීමක් නොව එක්සත් ජාතික පක්ෂයට එරෙහි රැස්වීමක් බවට අප මේ සාකච්ඡාවේ දී ඒත්තු ගැන්වූවා.

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා.

බටහිර අධිරාජ්‍යවාදයට අවශ්‍ය ව්‍යාපෘතියට එක්සත් ජාතික පක්ෂයට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද සම්බන්ධ කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට ජොන් කෙරීලා උත්සාහය කරනවා. මහ මැතිවරණයකට යාමට පෙර මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය ලබා දෙන කණ්ඩායමේ 10- 15ක් හිරේ යැවීමේ උත්සාහයක්ද තිබෙනවා. ඒ සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය නැමැති ආයතනය ස්ථාපිත කළා.

මාධ්‍යවල වාර්තා පළවී තිබූ ආකාරයට ඇමැරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු මෙරටට පැමිණ ඇත්තේ වසර හතලිස් ගනනකට පසුවයි. අපට මෙය දැනුනෙ ළමයි හොඳට පන්ති කාමරයේ ඉන්නවද කියල විදුහල්පතිතුමා බලා යන්න පැමිණි අවස්ථාවක් වගෙයි.කාලයකට පසු ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයෙකු ශ්‍රී ලංකාවට පැමැණීමට හේතුව කුමක්ද කියා අප සිතා බලන්න ඕනෙ. ජෝන් කෙරී මහත්ය ආවෙ ඔවුන් විසින් ඇති කරන ලද පාලනයට තව උපදෙස් නියෝග ටිකක් දීල යාමට මිස වෙන දේකට නොවේ. මේ පැමිණීමේ සිට අපට පෙනෙන්නේ මොකක්ද. ඔහු දෙමළ සංවිධානයට කියනව ඔවුන්ගේ බලාපොරොත්තු ඉටු කර ගන්න හොඳ කාලය පැමිණ තිබෙන බව. ඒ එක්කම ආණ්ඩුවට කියනවා රටේ අභ්‍යන්තර වෙනස්කම් සිදුවිය යුතුතේ කෙසේද කියා. බටහිරට අවශ්‍ය ආකාරයට රට මෙහෙයවීමටයි වර්තමාණ හවුල හදල තිබෙන්නෙ.

මූල්‍ය අපරාධ කොට්ඨාෂයට පොලිස්පතිවරයා හරහා පැමිණිලි නොකොට නියෝජ්‍ය පොලිස්පතිවරයාට පැමිණිලි භාර දෙන්න අගමැතිවරයා ප්‍රමුඛ කැබිනට් අනු කමිටුවට බලය දුන්නා. මෙහෙම දෙයක් ඉතිහාසයේ කවදාවත් නැහැ. ස තො සෙන් ණයට බඩු ගත්තා කියල ණය ගෙවල තිබියදීත් ජොන්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා හිරේ දමනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වටා ගොඩ නැගෙන බලය මැඩලන්න තමා මේ විවිධ උපක්‍රම ක්‍රියාත්මක වන්නෙ. එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වෙබ් අඩවි සතියකට පෙර කුවුරුන් අත්අඩංගුවට ගන්නේ දැයි ප්‍රකාශ කරනවා. අනුර කුමාර මහතා අද වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙක් වෙලා. මූල්‍ය අපරාධ කොට්ඨාශයේ අය මුලින්ම යන්න ඕනෙ මහ බැකුවටයි. අතීතයේ එ ජා පපාලන සමයන්හිදී සිදු වූ මුල්‍ය අපරාධ සංඛ්‍යාව කොපමණද

පිවිතුරු හෙළ උරුමයේ මහලේකම් උදය ගම්මන්පිල මහතා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව ගැන විශේෂ ප්‍රකාශයක් කළා. 2016 දී ලංකාව මූල්‍ය අර්බුදයකට මුහුණ දෙන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කරනවා. නීතිය දේශපාලනීකරණය වෙලා තිබෙනවා. සමහර විරෝධාවලට අධිආරක්ෂිත කලාප නැහැ. කොළ පාට දකින විට වල්ගය වනන වර්ණ සංවේදී පොලීසියක් අද බිහි වෙලා. මම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාට ප්‍රශ්න ඉදිරිපත් කරනවා. දින හතක් ඇතුලත එකම ස්ථානයේ අධි ආරක්ෂිත කලාපයක් කියමින් පොලිසිය විසින් විපක්ෂයේ උද්ඝෝෂණ තහනම් කරමින් ආණ්ඩුවේ උද්ඝෝෂණ වලට සහය දුන්නු පොලිසියක් තිබේද, අල්ලස් කොමිසම ඉදිරියේ ආණ්ඩුවේ පාක්ෂිකයින්ට උද්ඝෝෂණ කරන්න අවසර දී විපක්ෂයේ උද්ඝෝෂන පමනක් තහනම් කරන්න කටයුතු කරන පොලිසියක් තිබෙන වෙනත් රටක් තිබේද, පැමිණිලි දේශපාලකයින් විසින් තෝරා බේරා එවන ඒවා පමණක් විමර්ශණය කරන මේ රටේ වගේ පොලිස් කොට්ඨාශයක් තිබෙක වෙනත් රටක් තිබේද?

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා