මුද්‍රණය සඳහා

 
පාකිස්තාන ශ්‍රී ලංකා වෙළෙඳ ගණුදෙනු පුළුල් වෙලා

පාකිස්තාන ශ්‍රී ලංකා වෙළෙඳ ගණුදෙනු පුළුල් වෙලා

ශ්‍රී ලංකාව සමඟ ඇති කරගෙන තිබෙන නිදහස් වෙළෙඳ ගිවිසුම හේතුවෙන් දෙරට අතර ද්වීපාර්ශවික වෙළෙඳ සබඳතා තවදුරටත් පුළුල් වී තිබෙන බව පාකිස්තානය අවධාරණය කරයි.

දෙරට අතර වෙළෙඳ ගනුදෙනු ඉතා හොඳින් සිදුවන අතර ඉදිරියේ දී එම කටයුතු පුළුල්කර ගැනීම දෙරටේ අපේක්ෂාව වී තිබෙන බවද ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර සෑම අංශයකම සබඳතා ශක්තිමත් වී තිබෙන බවද පාකිස්තානයේ වාණිජ කටයුතු ඇමැති කුරාම් ඩැස්ට්ගිර් කාන් මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකා‍ශකර ඇත්තේ ශ්‍රී ලංකාව සඳහා‍ පත්කර තිබෙන පාකිස්තානයේ මහ කොමසාරිස් මේජර් ජනරාල් ෂකීල් හුසේන් මහතා මෙරටට පැමිණීමට ප්‍රථම පැවැති විශේෂ හමුවේ දී බව වාර්තා වෙයි. ඉස්ලාමාබාද් නුවර දී මේ හමුව පවත්වා තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]