කෝට්ටේ මහ නගර සභාවේ ගැටුම : නගරාධිපති-විපක්ෂ නායක රෝහල් ගත වෙයි

කෝට්ටේ මහ නගර සභාවේ ගැටුම : නගරාධිපති-විපක්ෂ නායක රෝහල් ගත වෙයි

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාව තුළ ඊයේ (7) දහවල් සිදුවු පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ‍එම නගර සභාවේ නගරාධිපතිවරයා සහ විපක්ෂ නායකවරයා රෝහල්ගත වී තිබේ.

මොවුන් දෙදෙනා සහ තවත් නාගරික මන්ත්‍රීවරයකු කළ පරහදීමේ සිද්ධියට අදාළව වැලිකඩ පොලීසියට පැමිණිල්ලක්ද කර තිබේ.

කෝට්ටේ නගර සභාවේ විපක්ෂ නායකවරයා වූ සුගත් අප්පුහාමි මහතා ඊයේ පස්වරු 2.00ට වැලිකඩ පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත්තේ නගරාධිපතිවරයා ඔහුට නගරසභාව තුල දී පහර දුන් බවයි.

පසුව පස්වරු 02.15ට වැලිකඩ පොලීසිය වෙත පැමිණ නගරාධිපති ජනක රණවක මහතාද පැමිණිලි කර ඇත්තේ විපක්ෂ නායකවරයා ඔහුට පහර දුන් බවයි.

අනතුරුව නගර සභාවේ මන්ත්‍රීවරයකු පැමිණ කළ පැමිණිල්ලේ සඳහන් වෙන්නේ විපක්ෂ නායකවරයා නගර සභාවේ ගේට්ටුව අවහිර කර එම ස්ථානයේ වැතිරගෙන ඔවුන්ගේ රාජකාරියට බාධා කළ බවයි.

පොලීසිය එම පැමිණිලි තුනම සටහන් කරගෙන රෝහල්ගතවීමට අවශ්‍ය දෙදෙනා රෝහල් වෙත යැවීමට පියවර ගෙන තිබේ.

මහනගර සභාව තුළ ඊයේ දවල් ඇතිවු ගැටුමක් අවස්ථාවේ මේ පහරදීම සිදුවී ඇති අතර පොලිසිය පරීක්ෂණ සිදු කරයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා