මුද්‍රණය සඳහා

 
භාෂා පුහුණු වැඩසටහන් පලාලියේ දී එළි දැක්වේ

භාෂා පුහුණු වැඩසටහන් පලාලියේ දී එළි දැක්වේ

රාජ්‍ය පරිපාලන පළාත් පාලන හා ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍යාංශයේ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ (NILET) කඩිනම් භාෂා වැඩසටහන එළි දැක්වීමේ ජාතික මහෝත්සවය මැයි 08 වන දින පෙරවරු 10ට යාපනය පලාලි සිනමා ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ.

මෙරට රාජ්‍ය සේවයේ සිටින පහළොස් ලක්ෂයක් වන රාජ්‍ය සේවකයන්ට භාෂා ප්‍රවීණතාව ලබා ගැනීමට පහසුකම් සැලසීමේ අරමුණින් මේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නියමිතය. රාජ්‍ය පරිපාලන, පළාත් පාලනය ප්‍රජාතන්ත්‍රීය පාලනය පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ආරක්ෂක ලේකම්, යුද හමුදාපති හා ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ සභාපති පාලිත හේවාමුදලි යන මහත්වරුන්‍ මෙම උත්සව අවස්ථාවට සහභාගී වීමට නියමිතය. ජාතීන් අතර භාෂා ප්‍රවීණතාවය ලබා ගැනීමේ අවශ්‍යතාවය උගත් පාඩම් කොමිෂමේ නිර්දේශ මගින් පිළිගෙන ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය මගින්ද රාජ්‍ය භාෂාව ලෙස සිංහල හා ද්‍රවිඩ භාෂාවන්ද පිළිගෙන ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]