මහින්ද ආවත් නාවත් ඡන්දයට බලපෑමක් නෑ

මහින්ද ආවත් නාවත් ඡන්දයට බලපෑමක් නෑ

ජනතාව ප්‍රතික්ෂේප කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන ආගමනය සම්බන්ධයෙන් තමා ශ්‍රිලනිප මධ්‍යම කාරක සභාවට කරුණූ ඉදිරිපත් කරන බව සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.

මැතිවරණයක ජයග්‍රහණය පාවෙන ඡන්ද මත රඳා පවතින බව කී ඇමැතිවරයා එහෙයින් පාවෙන ඡන්ද දිනා ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කළේය .

පසුගිය මැතිවරණයේ දී පාවෙන ඡන්ද මහින්ද රාජපක්ෂ මහතාව ප්‍රතික්ෂේප කර ඇතැයි ද එහෙයින් ඔහුගේ පැමිණීම හෝ නොපැමිණීම ඡන්ද ප්‍රතිළුලයට කිසිසේත් බලනොපාන බව ද වෛද්‍ය සේනාරත්න මහතා අවධාරණය කළේය .

අමැතිවරයා එසේ සඳහන් කළේ නාරාහේන්පිට පිහිටි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී ඊයේ (07) පැවැති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි .

රටේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ මෛත්‍රිපාල සිරිසේන මහතා බව ද එහෙයින් ඉදිරි මහමැතිවරණයේ දී කවුරුන් අගමැති ධූරයට පත්වුව ද ඒ පිළිබඳ ගැටලුවක් නැතැයි ද සේනාරත්න මහතා අනාවරණය කළේය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපතිවරයා අතර හමුවක් පෙරේදා පාර්ලිමේන්තුවේ පිහිටි ජනාධිපති කාර්යාලයේදී පැවැති බවත් ඉදිරියේදී ද මෙවැනි හමු පැවැත්වීමට නියමිත බවත් ඇමැතිවරයා කීවේය .

සාකච්ඡාවේ දී කරුණූ පහක් පිළීබඳ අවධානය යොමු කළ බව පැවසූ‍ හෙතෙම අගමැති අපේක්ෂ‍කයෙක් නම් කිරීමේ යෝජනාවක් මෙහිදී මතු වූ බවද එහෙත් අගමැතිවරයෙක් නම් කිරීමේ සම්ප්‍රදායක් මෙතෙක් ශ්‍රිලනිප නොතිබූ බව ද අනාවරණය කළේය.

ඉඩම් ඇමැති එම් .කේ.ඩී .එස් ගුණවර්ධන , පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහත්වරු ද මෙහි දී අදහස් දැක්වූහ .

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා