අස්ගිරි නව මහ නාහිමි පත්කර ගැනීම අද

අස්ගිරි නව මහ නාහිමි පත්කර ගැනීම අද

අස්ගිරි පාර්ශ්වයේ 21 වැනි මහානාහිමිපාණන් පත්කර ගැනීම අද (08) පස්වරු 3.00ට අස්ගිරි මහ විහාරීය මංගල උපෝෂථාගාරයේදී සිදු කෙරේ.

අස්ගිරි මහ විහාර පාර්ශ්වයේ මහනායක පදවිය වසර 15ක කාලයක් හෙබවූ උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ අපවත්වීමෙන් මෙම උත්තරීතර පදවිය පුරප්පාඩු විය.

අස්ගිරි පාර්ශ්වයේ විංසත් වාර්ගික කාරක සංඝ සභාව දැනට නියෝජනය කරන භික්ෂූන් වහන්සේ 18 නම අතරින් ජ්‍යෙෂ්ඨ හිමිනමක මහානායක පදවිය සඳහා පත්වීමට නියමිතය.

සංඝ සභාව නියෝජනය කරන භික්ෂූන්වහන්සේ දෙනමක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් මහනායක ධුරය අපේක්ෂාවෙන් ඉදිරිපත් වුහොත් සංඝ සභාව නියෝජනය කරන භික්ෂූන්වහන්සේ වැඩි දෙනා වහන්සේගේ කැමැත්ත හිමිවන නායක හිමි මහනායක ධූරයට පත්වෙති.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා