මුද්‍රණය සඳහා

 
ආචාර්ය නිර්මාල්ට පහර දීමේ සිද්ධියේ වීඩියෝ පට ඉල්ලයි

ආචාර්ය නිර්මාල්ට පහර දීමේ සිද්ධියේ වීඩියෝ පට ඉල්ලයි

රූපවාහිනී නාලිකාවලට උසාවියෙන් නිෙයා්ග

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට පහරදීමේ සිද්ධියට අදාළ වීඩියෝ දර්ශන ලබාගැනීම අවශ්‍යව ඇති බැවින් සිද්ධිය වූ දින මැයි රැලිය වීඩියෝ ගත කළ සියලුම රූපවාහිනී නාලිකාවල වීඩියෝ පට පොලීසියට බාර දෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය සියලුම රූපවාහිනී නාලිකාවලට නියෝග කර තිබේ.

පොලිසිය අධිකරණය මගින් කරන ලද ඉල්ලීමක් මත එම නියෝගය කර ඇති අතර අලුත් කඩේ අංක 3 අධිකරණය මගින් එම නියෝගය නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා කීය.

කිරුළපන පොලීසිය සහ කොළඹ අපරාධ කොට්ඨාසය මගින් එම පරීක්ෂණ පවත්වයි.

පසුගිය මැයි 1 වැනිදා කිරුළපන පැවැති මැයි දින රැලියකදී ආචාර්ය රංජිත් දේවසිරි මහතාට යම් කිසි පිරිසක් විසින් අමානුෂික ලෙස පහරදී තිබේ.

මේ වන විට එම පහරදීම සම්බන්ධයෙන් ආචාර්ය දේවසිරි මහතා ඇතුළු පිරිසකගෙන්ද ප්‍රකාශ ලබාගෙන ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]