කොටකෙතන නඩු තීන්දුව 28දාට කල් යයි

කොටකෙතන නඩු තීන්දුව 28දාට කල් යයි

රත්නපුර කොටකෙතනදී වයෝ වෘද්ධ මවක හා ඇගේ තරුණ දියණිය කපා කොටා අමානුෂික ලෙස ඝාතනය කර, නිවස තුළම පුළුස්සා දැමීම සම්බන්ධයෙන් වන නඩුවේ තීන්දුව සූදානම් කර නොමැති බව ඊයේ (7) ප්‍රකාශ කළ කොළඹ මහා අධිකරණ විනිසුරු දේවිකා ද ලිවිරේ තෙන්නකෝන් මහත්මිය තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ලබන 28 වැනිදාට කල් තැබුවාය.

බමුණුගේ නාමල් චමින්ද සිල්වා, හේවගේ සිසිර ප්‍රියන්ත නොහොත් නුෂාර හා ලොකුගම් හේවගේ මිතිල යන විත්තිකරුවන් තිදෙනාට එරෙහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම එසේ කල් තැබිණි.

2012 ජූලි මස 17 වනදා රත්නපුර කොටකෙතනදී ලියනාරච්චිගේ ප්‍රේමවතී (63) හා ඇගේ දියණිය වන හේවාගමගේ පුෂ්පකුමාරි (32) යන අය කපා කොටා ඝාතනයකර ඔවුන් පදිංචි නිවස තුළම පුළුස්සා දැමූ බවට නීතිපතිවරයා විසින් විත්තිකරුවනට එරෙහිව අධි චෝදනා නඟා ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා