මුද්‍රණය සඳහා

 
මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය ජනපති අතින් ජනතා අයිතියට

මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය ජනපති අතින් ජනතා අයිතියට

[2015-05-08 17:00]

මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් අද උදැසන සිදු විය.

සමරු ඵලකය නිරාවරණය කර කෞතුකාගාරය විවෘත කළ ජනාධිපතිතුමා පළමු ටිකට්පත මිලදී ගෙන එය නැරඹීමට ද එක් විය.

කෞතුකාගාර පරිශ්‍රයේ Wi - Fi කලාපය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, මහින්ද අමරවීර, නන්දිමිත්‍ර ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]