ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට අතුරු තහනමක්

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට අතුරු තහනමක්
[2015-05-08 19:15]

පක්ෂ සාමාජාකත්වයෙන් නෙරපීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ දකුණු, වයඹ හා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන පද්මසිරි ද සිල්වා, මල්හාමි රත්නායක සහ අශෝක දයාරත්න මහත්වරුන් පලාත් සභා මන්ත්‍රීන් තිදෙනා විසින් ගොනු කළ පෙත්සම් විභාගය අවසන් වන තුරු එම මන්ත්‍රීවරයන් තිදෙනා පක්ෂයෙන් ඉවත් කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු නියෝගයක් නිකුත් කර ඇත.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, එම පක්ෂයේ මහ ලේකම් ආනන්ද මානවඩු, මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය සහ දකුණු, බස්නාහිර හා වයඹ පළාත් සභා ලේකම්වරුන්ට එරෙහිව අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය පැනවීය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා