අධිකරණයට පිටුපෑ මන්ත‍්‍රීන් 27 අද උසාවියේ

අධිකරණයට පිටුපෑ මන්ත‍්‍රීන් 27 අද උසාවියේ

[2015-05-08 10:30]

අධිකරණ නියෝගය නොතකමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට විරෝධතාවේ නිරත වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 27 දෙනා අද අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.

ඒ කොළඹ අලුත්කඩේ අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි‍.

කුරුඳුවත්ත පොලීසිය අධිකරණය හමුවේ කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා ගෙන ඇත.

ඒ අතරට භික්‍ෂූන් වහන්සේ නව දෙනෙකුද ඇතුළත්ය.

ඩලස් අලහප්පෙරුම, සරත් වීරසේකර, රොෂාන් රණසිංහ, ජයන්ත කැටගොඩ, උදිත ලොකු බණ්ඩාර, ගාමිණි ලොකුගේ, ජානක ප්‍රියන්ත බණ්ඩාර, බන්දුල ගුණවර්ධන, වීරකුමාර දිසානායක සහ එස්.එම්‍. චන්ද්‍රසේන ඒ අතරට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් කිහිප දෙනෙක්වේ.

ඊට අමතරව ප්‍ර්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල, රොජර් සෙනෙවිරත්න, ජගත් කුමාර, සුනිල් ජයමිණි, උපාලි කොඩිකාර, මධුමාධව අරවින්ද හා අජන්ත ලියනගේ යන පළාත් සභා මන්ත්‍රීවරුන්ද අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටිනු ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා