මතුගම මීගම කර්මාන්තපුරයේ පරිසර හානි විශේෂ කණ්ඩායමකගේ නිරීක්ෂණයට

මතුගම මීගම කර්මාන්තපුරයේ පරිසර හානි විශේෂ කණ්ඩායමකගේ නිරීක්ෂණයට

විස රසායන ක්‍රමවත්ව බැහැර කිරීමට උපදෙස්

ඇතැම් කම්හල් හිමියන්ට අවසන් නිවේදන

පරික්ෂා කළ සෙවිලි තහඩු කම්හලක්

මතුගම මීගම කර්මාන්ත ප්‍රදේශයේ ඉදිකර ඇති ඇතැම් කම්හල්වලින් බැහැර කරන රසායනික ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රදේශයේ පදිංචිකරුවන් කම්හල් වලට විරුද්ධව ඉදිරිපත් කර ඇති චෝදනා පිළිබඳව නිරික්ෂණය කිරීමට අදාල බලධාරින් කර්මාන්තපුරයට පැමිණියහ.

ප්‍රථමයෙන් කර්මාන්තපුරයේ යකඩ උණුකරන වානේ කර්මාන්ත ශාලාව පරික්ෂණයට ලක්කොට මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරින් අවසාන නිවේදනයන් ලබාදුන්නේය. ඒවා නිසිපරිදි ක්‍රියාත්මක නොකළහොත් අධිකරණ ක්‍රියා මාර්ගයට යන බවද සදහන් ක‍ෙළ්ය. මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මූලස්ථාන මහජන සෞඛ්‍ය පරීක්ෂක සී. වි. ලයනල්, කළුතර මූලස්ථාන දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් ගීගනගේ, මහජන සෞඛ්‍ය පරීක්ෂක අයි. ඒ. ආර්. එස්. ගුණසිංහ යන මහත්වරු මේ සඳහා කටයුතු සිදු කළහ.‍

මෙම කම්හලේ ඉවත් කර ඇති අපද්‍රව්‍ය ලෝහ කොටස් සියල්ල පස් සමඟ ඉවත් කිරීමටත් උපදෙස් ලබාදුන්නේය. යන්ත්‍රවලින් ඉවත්කරන දුම් වාතාශ්‍රයට එක් කිරීමේදි පහළ ප්‍රදේශ වලට විසිර නොයන ආකාරයෙන් ඉහළ අහසට මුදා හැරීමට උපදෙස් ලබා දුනි.

මෙහි සේවය කරන සේවකයින්ට සීමිත හා සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල් ලබා දීමටද උපදෙස් ලබාදුන්නේය‍.

මෙම කම්හල ආරම්භ කරන වකවානුවේ ආයෝජන මණ්ඩලයෙන් ලබා දුන් උපදෙස් ක්‍රියාත්මක කර නොමැති බව නිලධාරින් කරන ලද සමික්ෂණ වලින් අනාවරණය වි තිබේ. බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් විතාන, වැලිපන්න පොලිසියේ පාරිසරික අංශයේ ස්ථානාධිපති අනිල් විතාන, කළුතර පරිසර නිලධාරි එච්. කේ. වනිගසුරිය, ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන් වන ශ්‍රියානන්ද වික්‍රමතන්ත්‍රි, අතුල මද්දුවගේ, මෙරිල් මුණසිංහ යන මහත්වරු එක්ව සිටියහ.

ඔවුන් වෙත ලැබී තිබුණු ප්‍රදේශයේ මහජනතාවගේ ප්‍රශ්න හා ගැටළු ඉදිරිපත් කළේය. මෙම වානේ කම්හලේ නිෂ්පාදන ක්‍රියාවලිය හේතුවෙන් පිටවන අපද්‍රව්‍ය සහිත දුම් නිසා පරිසර දුෂණය පමණක් නොව ජනතාවට ද විවිධ රෝග තත්ත්වයන්ට මුහුණපෑමට සිදුව ඇත. පරිසර හානි අවම කරගන්නා ලෙසද කම්හල්කරුවන්ට උපදෙස් ලබා දුන්නේය . මතුගම ප්‍රාදේශීය සභාවේ හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා