නගරයම ගඳගස්වන කසළ කන්දට පිළියම් තවමත් නෑ

නගරයම ගඳගස්වන කසළ කන්දට පිළියම් තවමත් නෑ

මහජන සෞඛ්‍යයට නිරතුරු තර්ජන

යෝධ කුණුකන්දක් නිසා පාණදුර මුලු නගරයම ගද ගසමින් බවතී. පාණදුර නගරය මැද දුමිරියපොළ අ සල නගර සභා ඉඩමේ ගොඩගසා ඇති කුණු කසළ ටොන් දහස් ගණනක් නිසා අවට පරිසරය දුෂණය වී තිබේ .එම කුණු කන්දෙන්හමන ගද මහජනයාට සහ කුඩාදරුවන්ද සෞඛ්‍ය තර්ජනයක්වීඇත.

මෙම කුණුකසළ කන්ද දඩාවකේ යන සතුන්ගේ රජදහනක් බවටද බවට පත්වී හමාරය. මහජන යාට ස්වසන රෝගපීඩා වැළදීමේ තත්වයක් මෙම කුණුකන්දෙන් මතුවී ඇතත් පාණදුර මහජන සෞඛ්‍ය නිලධාරිවරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ මධ්‍යම පරිසර අධිකාරීයද මේ පිළබද නිසි පි යවරක් ගෙන නොමැත.

පාණදුරේ කුණුකසළ එකතු කිරීමේ මධ්‍යස්ථානයට පාණදුර නගර සභා බල ප්‍රදේශයෙන් දිනකට කුණුකසළටොන් 20ක් පමණ එකතු කෙරේ .මෙම කුණුකසළ තොග නගරසභාවේ සේවකයින් නගර සභාවේ වාහන යොදා පිලියන්දල කදිරාන කුණුකසළ මධ්‍යස්ථානයට ප්‍රවාහනය කළද දැන් එම කුණුකසළ ප්‍රවාහනය කෙරෙන්නේ නැත . නගරසභාවේ සේවකයන්ට අතිකාල නොලැබෙන නිසා මේ තත්වය මතුවී ඇතැයි පැවසේ. මෙම කුණු කසළ කන්ද ඉවත් කරන ලෙස පාණදුර එක්සත් වෙළද ‍සංගමයද බලධාරීන්ගෙන් ඉල්ලා ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා