අත්තනගල්ල රටේ ආදර්ශවත් මන්ත්‍රී ආසනය කිරීම බලාපොරොත්තුවයි

අත්තනගල්ල රටේ ආදර්ශවත් මන්ත්‍රී ආසනය කිරීම බලාපොරොත්තුවයි

ඇමැති අර්ජුන රණතුංග

මම දේශපාලනයට ආවේ හම්බකරන්න නොවෙයි. මගේ බලාපොරොත්තුව අත්තනගල්ල ආසනය රටේ ආදර්ශවත් මන්ත්‍රී ආසනය බවට පත් කරන්නයි, කැමති අය මට ඡන්දය දෙන්න, පැරදුනොත් මම ගෙදර යනවා යැයි වරාය හා නාවික කටයුතු ඇමැති අත්තනගල්ල ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක අර්ජුන රණතුංග මහතා අත්තනගල්ල හග්ගල්ලේ දී පැවසීය.

ඇමැතිවරයා එසේ පැවසූවේ පසුගියදා හග්ගල්ල මංසන්ධිය අසල පැවති එල්ලක් කළ, වලලියැද්ද, ‍ගොඩගම,වෙලගෙදර සහ හග්ගල්ල ග්‍රාම සේවා වසම්වල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් අමතමිනි.

ඇමැතිවරයා මෙසේ ද පැවසීය. ජනවාරි 08 වැනිදා ජනතාව ඡන්දය දුන්නේ පවුල් බලය අවසන් කරලා. නීතියේ ආධිපත්‍යය රට තුළ ස්ථාපනය කරන්නයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා එය ඉටුකර තියෙනවා. මේ රටේ හිටපු ප්‍රබල ඇමැතිවරු සියයට අනූවක් මෑතක් වනතුරු හිටියේ මහින්ද රාජපක්ෂට පක්ෂවයි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා‍ගේ දැඩි අධිෂ්ඨානය, කැපවීම හා හැට දෙලක්ෂයකට වැඩිය ජන බලයක් නිර්මාණය කළ ඡන්දදායකයන්ගෙන් ලද ශක්තිය මෙම ව්‍යවස්ථා සංශෝධනයට බලපෑවා.

මම මේ දවස්වල පැය 12කටත් වැඩිය වරායේ රැඳී සිටිමින් වැඩකටයුතු සොයා බලනවා. හොරකම්වලට ඉඩක් නෑ. ඉහළ ඉන්න අයගෙන් හොරකම් නතර කලාම පහළ ඉන්න අයගේ හොරකම් වැළකෙනවා‍‍. අත්තනගල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී එරික් සුසන්ත කීනවින්න මහතා පිළිගැනීමේ කතාව කළේය. ප්‍රාදේශීය සභා මන්ත්‍රී දිනේෂ් ඉන්දික රාජපක්ෂ, බී. එස්.කේ.බුලත්සිංහළ, අශෝක වීරක්කොඩි මහත්වරු ද රැස්වීමට සහභ‍ාගී වූහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා