බොරලැස්ගමුව සාහිත්‍ය තරගය ‍මෙවරත් මහ ඉහළින්

බොරලැස්ගමුව සාහිත්‍ය තරගය ‍මෙවරත් මහ ඉහළින්

බොරලැස්ගමුව නගර සභාව වාර්ෂිකව පවත්වනු ලබන සාහිත්‍ය තරගාවලිය මෙවර ද මැයි මස පැවැත්වීමට සියලු කටයුතු යොදා ඇත.

ගද්‍ය, පද්‍ය, රචනා, චිත්‍ර, අත් අකුරු, අක්ෂර වින්‍යාශය සහ ගායනා,කෙටිකතා ආදි තරග සිංහල හා දෙමළ මාධ්‍යවලින් පවැත්වෙන මෙම තරගාවලිය සඳහා 3 වන ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන පාසල් සිසුන්ට සහභාගී විය හැක.

මෙම තරගාවලිය සඳහා වැඩි විස්තර පුස්තකාලයාධිපතිනියගෙන් ලබාගත හැකි බව බොරලැස්ගමුව නගර සභාව පවසයි.

2014 වසරේ පවත්වන ලද සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහකයින්ට ත්‍යාග පිරිනැමීම ද මෙම තරගාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ දී සිදු කරනු ලබන බව බොරලැස්මුව නගර සභාව දන්වා සිටී.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා