පාකිස්තාන ‘ඒ’ පළමු ඉනිමට ලකුණු 401යි

පාකිස්තාන ‘ඒ’ පළමු ඉනිමට ලකුණු 401යි

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමග ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නිල නොවන පළමු සිවුදින ටෙස්ට් තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන ‘ඒ’ පිල පළමු ඉනිමට ලකුණු 401ක් රැස් කළේය. දෙවැනි දිනය වූ ඊයේ තරගය නතර කරනවිට පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ‘ඒ’ පිල කඩුලු 3ක් දැවී ලකුණු 95ක් ලබාසිටියේය. කිත්රුවන් විතානගේ ලකුණු 35 හා අශාන් ප්‍රියංජන ලකුණු 12ක් ලබා නොැදවී කඩුල්ලේ රැදී සිටියහ.

ලකුණු 244කට කඩුලු 5ක් දැවී තිබියදී ඊයේ දිනය ඇරැඹු පාකිස්තාන ලකුණු පුවරුවට තවත් ලකුණු 36ක් එක්වෙද්දී 6වැනි කඩුල්ල බිඳ දැමීමට ළහිරු ගමගේ සමත්විය. තරිඳු කෞෂාල් අතට උඩ පන්දුවක් දෙමින් අද්නන් අක්මාල් ලකුණු 15කට දැවී ගියේය. තරගය දිවා ආහාරය සඳහා නතර කරනවිට පාකිස්තාන කඩුලු කඩුලු 6කට ලකුණු 338ක් රැස්කරගෙන සිටියේය. අනතුරුව නායක ෆවාඩ් අලාම් ලකුණු 72ක‍ට දැවී ගිය අතර ශසාඩ් අසාම් නොදැවී ලකුණු 47ක් රැස් කළේය.

පාකිස්තාන ඉනිමේ අවසන් කඩුලු 4 බිඳ දමමින් ලකුණු 117කට කඩුලු 6ක් දවාගැනීමට තරිඳු කෞෂාල් සමත්විය. අද තර‍ගයේ තෙවැනි දිනයයි.

පාකිස්තාන ‘ඒ’ පළමු ඉනිම-401 (ඕවර 130) උමාර් අමීන් 99, කුරාම් මන්සූර් 82, ෆවාඩ් අලාම් 72, ශෙසාඩ් අසාම් නොදැවී 47 (තරිඳු කෞෂාල් 117/6, ධනංජය දසිල්වා 47/2)

ශ්‍රී ලංකා ‘ඒ’ පළමු ඉනිම-95/3 (ඕවර 21)

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා