මුද්‍රණය සඳහා

 
ආසියානු ජූඩෝ තරගාවලියේ  විනිශ්චයට නිහාල් බාලසූරිය

ආසියානු ජූඩෝ තරගාවලියේ  විනිශ්චයට නිහාල් බාලසූරිය

කුවේට්හිදී මේ මස 13 දා සිට 15වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු ජූඩෝ තරගාවලියේ නිල තරග විනිසුරුවකු ලෙස ශ්‍රී ලංකා ජූඩෝ සම්මේලනයේ නිහාල් බාලසූරිය මහතා සහභාගි වීමට නියමිතය.

ජූඩෝ තරග ලෝක විනිසුරුවකු ලෙස පත්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථමයා වන නිහාල් මහතා ආසියානු තරගාවලියේ නිල තරග විනිසුරුවකු ලෙස එක්ව හත්වැනි වතාව මෙය වෙයි.

2000 වසරේ තරග විනිසුරුවකු ලෙස කටයුතු ඇරැඹු නිහාල් මහාතා මේ වනවිට අන්තර් ජාතික තරග 30ක පමණ සහභාගිවී ඇත.

මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඒ මහතා ජාත්‍යන්තර කළුපටි හතරවන ශ්‍රේණිය ලබාසිටී.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]