ආරාධිත එල්ලේ තරගාවලිය හැඳල දී

ආරාධිත එල්ලේ තරගාවලිය හැඳල දී

වත්තල හැඳල බන්ටි පාර ශ්‍රී ඉසුරු ක්‍රීඩා සමාජය සංවිධාන කරන ආරාධිත එල්ලේ තරගාවලිය මේ මස 10වැනිදා හැඳල මාටාගොඩ ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

එල්ලේ ක්‍රීඩාව හැඳල ප්‍රදේශයේ ප්‍රචලිත කිරීම සඳහා 1960-70 දශකවල කටයුතු කළ ප්‍රවීණ එල්ලේ ක්‍රීඩක ටියුඩර් හපුආරච්චි සහ 90 දශකයේ ශ්‍රී ඉසුරු ‍ක්‍රීඩා සමාජයේ නායකයෙක් ලෙස කටයුතු කළ ලෙනාඩ් හපුආරච්චි පිය-පුතු දෙපල සමරමින් ආරාධිත අනුස්මරණ එල්ලේ තරගාවලිය සංවිධානය කෙරේ.

තරගාවලියේ අවසන් තරග 17වැනිදා පැවැත්වෙන අතර ජය සංකේත ප්‍රදානය ටියුඩර් හපුආරච්චි පවුලේ ඥාතින් අතින් සිදු කෙරේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා