ත්‍රිත්ව-රාජකීය බ්‍රැඩ්බි රගර් හෙට

ත්‍රිත්ව-රාජකීය බ්‍රැඩ්බි රගර් හෙට

මහනුවර ත්‍රිත්ව හා කොළඹ රාජකීය විදුහල අතර 71වැනි වරට පැවැත්වෙන සුප්‍රකට බ්‍රැඩ්බි පළිහ රගර් තරග හෙට (9) පස්වරු 4.30ට පල්ලේකැලේ ත්‍රිත්ව විදුහල් රගර් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරග දෙකකින් යුතුව පැවැත්වෙන බ්‍රැඩ්බි පළිහ තරගයේදී තරග දෙකේ එකතුවෙන් වැඩිම ලකුණු ‍ලැබූ කණ්ඩායමට ජය හිමිවේ.

මෙතෙක් පැවැති තරග 70න් 39ක් ජයගැනීමට ත්‍රිත්ව විදුහල සමත්ව ඇති අතර තරග 30ක ජය රාජකීය විදුහලට හිමිව ඇත. තරගයේ ප්‍රධාන ආරාධිතයා ලෙස 1978 තරගයේදී ත්‍රිත්ව විදුහල මෙහෙයවූ ජනක කිරිදෙන මහතා සහභාගිවීමට නියමිතය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා