නැ‘හිර යුක්‍රේනයට යළි ප්‍රහාර සැලසුමක්

නැ‘හිර යුක්‍රේනයට යළි ප්‍රහාර සැලසුමක්

රුසියන් හිතවාදී බෙදුම්වාදීන් නැගෙනහිර යුක්‍රේනයට එරෙහිව යළිත් වරක් ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සාහයක් දරන බව ඇමෙරිකන් ආරක්ෂක ලේකම් ඈෂ්ටන් කාටර් බදාදා කොංග්‍රසය අමතා පවසා ඇත. යුක්‍රේන අර්බුදයට රුසියාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් එරටට පීඩනයක් එල්ල කිරීමේ හොඳම ක්‍රියාදාමය එරටට එරෙහිව යුරෝපා රටවල් විසින් පනවා ඇති සම්බාධක සහ තෙල් මිල පහත වැටීම බව පෙන්ටගන ප්‍රධානියා අවධාරණය කර තිබේ.

මෙවැනි ප්‍රහාර එල්ල කිරීමට මාන බැලීම පසුගියදා ඇතිකර ගත් මින්ස්ක් ගිවිසුමට හාත්පසින්ම පටහැනි බව සෙනෙට් ආරක්ෂක අනු කමිටුවට කාටර් ප්‍රකා ශකර ඇත. දැවැන්ත සාකච්ඡාවකින් අනතුරුව පසුගිය පෙබරවාරියේදි ඇති කර ගත් මෙම ගිවිසුම ප්‍රකාර සටන් විරාමය යාන්තමින් රැඳී තිබීම හේතුවෙන් රට පුරා ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවී ඇතත් මර්මස්ථානවල නිරතුරුව ගැටුම් ඇති වන බව වාර්තා වේ.

ගැටුම් පවතින ප්‍රදේශවල රජයේ පාලනය යටගේ දැනටත් පවතින ප්‍රධාන පෙළේ වරාය නගරයක් වන මරියුපොල් අල්ලා ගැනීමට රුසියන් හිතවාදී කැරලිකරුවන් සූදානම් වන බවට යුක්‍රේන රජයේ හමුදා සහ විශ්ලේශකයෝ අනතුරු අඟවා තිබේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා