යේමනය ගොඩගන්න ගොඩබිම් හමුදාවක් එවන්නැයි ඉල්ලයි

යේමනය ගොඩගන්න ගොඩබිම් හමුදාවක් එවන්නැයි ඉල්ලයි

හව්ති කැරලිකරුවන් ප්‍රමුඛ සන්නද්ධ කණ්ඩායම්වල ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් දේශපාලන, ආර්ථික සහ සමාජයීය වශයෙන් අගාධයට ගොස් ඇති යේමනය බේරා ගැනීමට ගොඩබිම් හමුදාවක් එවන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානයෙන් ඉල්ලා තිබේ. සති කිහිපයක් පුරා පැවැති යුද ගැටුම් හේතුවෙන් දකුණු යේමනයේ තත්ත්වය දිනෙන් දිනම උග්‍ර අතට පත්වෙමින් තිබෙන බව යේමන ධූත පිරිස මෙහිදී අවධාරණය කර ඇත. තවද ඉරානයේ සහාය ලබන හව්ති කැරලිකරුවන් ඒඩනය, ටාසි ඇතුළු යේමනයේ දකුණු දිග නගරවල සිදු කරන අමානුෂික ම්ලේච්ඡ ක්‍රියා පිළිබඳ සොයා බලා ඒවා වැළැක් වීමට මැදිහත් වන ලෙසද ඔවුන් මානව හිමිකම් සංවිධානවලට බලකර තිබේ.

හව්ති කැරලිකරුවන්ගේ ප්‍රහාර හේතුවෙන් බියෙන් පළාගිය යේමන වැසියන් රැගත් බෝට්ටුවකට ගුවන් ප්‍රහාර එල්ල වීමෙන් කාන්තාවන් , ළමයින් ඇතුළු 50 දෙනකුට අධික පිරිසක් මිය ගොස් ඇතැයි ජාත්‍යන්තරය ඇමතූ ලිපියකින් යේමන බලධාරීන් දන්වා ඇත. යුද අපරාධ සම්බන්ධයෙන් හව්ති ත්‍රස්තවාදීන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඉදිරියට පැමිණ වීමට යේමන රජය හැකි සෑම ප්‍රයත්නයක්ම දරන බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.

දැනට රටින් පිටමන් වී සෞදි අරාබියාවට ගොස් සිටින යේමන ජනාධිපති මන්සූර් හාඩිට සහාය දැක්වීමට සෞදි අරාබියාව ප්‍රමුඛ සභාගය මාර්තු 26 වෙනිදා හව්ති කැරලිකරුවන්ට ගුවන් ප්‍රහාර එල්ල කළේය. මේ අතර අර්බුදයට දේශපාලන විසැඳුමක් ලබා දීමේ අරමුණ ඇතිව සාකච්ඡා පැවැත් වීමට එක්සත් ජාතීන්ගේ නව සාම නියෝජිත ඉස්මායිල් ඔයුල්ඩ්චීක් අහමඩ් රියාඩ් නගරයට පැමීණීමට නියමිතය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා