කැමරන්ගේ කන්සර්වටිව් පක්‍ෂය ඉදිරියට

කැමරන්ගේ කන්සර්වටිව් පක්‍ෂය ඉදිරියට

[2015-05-08 11:35]

බ්‍රිතාන්‍ය මහමැතිවරණයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් වෙමින් පවතී.

ආසන 650කින් යුත් පාර්ලිමේන්තුවේ ආසන 199 ක ප්‍රතිඵල මේ වනවිට නිකුත් වී අවසන්.

එහිදී පාලක කන්සර්වටිව් පක්ෂය ආසන 52 ක් හිමිකරගෙන ඇති අතර කම්කරු පක්ෂයට හිමිව ඇති ආසන සංඛ්‍යාව 87 කි.   

කෙසේ වෙතත් කම්කරු පක්ෂයට කලින් පැවති ආසන 27 ක් දැනට අහිමිව තිබීම විශේෂත්වයක්.

මැතිවරණයේ ජයග්‍රහණය කැමරන්ගේ කන්සර්වටිව් පක්ෂය හිමිකර ගනු ඇති බවටයි අනාවැකි පළ වන්නේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා