ගලගම අත්ථදස්සී මාහිමි අස්ගිරි මහානායක ධුරයට

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ නව මහානායක ධුරය සඳහා ගලගම ධම්මසිද්ධි ශ්‍රී ධම්මානන්ද අත්ථදස්සි නාහිමියෝ ඊයේ පස්වරු‍ෙව් තේරී පත් වූහ. අස්ගිරි මහා විහාරයේ මංගල උපෝසථාගාරයේදී රැස්වූ අස්ගිරි මහා කාරක සංඝ සභාව විසින් එම පත්කිරීම ඒකච්ඡන්දයෙන් සිදු කර තිබේ.

විස්තර»


බ්‍රිතාන්‍ය ඡන්දයෙන් කැමරන්ට ජය

මහා බ්‍රිතාන්‍යයේ පැවැති මහ මැතිවරණයෙන් අගමැති ඩේවිඩ් කැමරන් මහතාෙග් කොන්සර්වැටිව් පක්ෂය ආසන 330ක් ලබා ඉදිරියෙන් සිටී. විරුද්ධ පක්ෂයේ නායක මිලි බෑන්ඩ් මහතා ගේ නායකත්වයෙන් යුතු කම්කරු පක්ෂය ආසන 232ක් ලබා ඇත. ආණ්ඩුවක් පිහිටුවීම සඳහා එලිසබෙත් මහරැජින කොන්සර්වැටිව් පක්ෂයට ආරාධනා කිරීමට නියමිත බව වාර්තා වේ.

විස්තර»


මුද්‍රිත කලාපය

ශ්‍රී ලංකාවේ කාලගුණය

Click for Colombo, Sri Lanka Forecast

අල්ලස් කොමිසම ඉදිරියේ උද්ඝෝෂණ කළ

හිමිවරුන් හා මන්ත්‍රීවරුන් 26 දෙනාට ඇප

උසාවිය මග හැරි ඥානසාර හිමියන්ට වරෙන්තු

අධිකරණ නියෝග නොතකා අධිකරණයට අපහාස වන අන්දමින් මහජන සාමය හා ආරක්ෂාව කඩකර අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඉදිරිපිට උද්ඝෝෂණය කළේ යැයි අධිකරණයේ පෙනීසිටි ස්වාමීන් වහන්සේලාට හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 26 දෙනකුට ඇප නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අධිකරණයේ පෙනී නොසිටි ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඊයේ (08) වරෙන්තු නිකුත් කෙළේය. සාමය කඩවන අයුරින් තවදුරටත් ක්‍රියා නොකරන ලෙසට තරයේ අවවාද කරමින් . . .

විස්තර»

කෝටි 4ක වංචාවකට හිටපු ක්‍රීඩා ලේකම්ගෙන් ප්‍රශ්න කරයි

ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි මහතා කටයුතු කළ කාලයේදී රුපියල් කෝටි හතරකට ආසන්න මූල්‍ය වංචාවක් සිදුවී ඇති බව කොළඹ මූල්‍ය අපරාධ කොට්ඨාසය සිදු කළ පරීක්ෂණවලින් අනාවරණය කැරගෙන තිබේ. මේජර් ජෙනරාල් නන්ද මල්ලවආරච්චි මහතා ඊයේ එම මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා සිදුවී ඇති මූල්‍ය වංචාව සම්බන්ධව පැය පහක පමණ වේලාවක් ප්‍රශ්න කළ බව පැවසේ.

විස්තර»

උතුරු-නැ‍ඟෙනහිර හමු‍දා කටයුතු අවසන්

දේශපාලන විසඳුමකට එළැඹීම වැදගත් බව අගමැති කියයි

උතුරු නැ‍ඟෙනහිර සම්බන්ධයෙන් ත්‍රිවිධ හමු‍දාවේ කාර්ය භාරය අවසන් බවත් දැන් ඇත්තේ දේශපාලන විසඳුමකට එළැඹීම බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.අගමැති වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කෙළේ ආරක්ෂක සේවයේ හිටපු රාජ්‍ය නිලධාරින් සහ ක්‍රියාකාරින් පිරිසක් සිරිකොත මන්දිරයේදි ඊයේ (08)හමු වූ අවස්ථාවේදිය. තවදුරටත් අගමැති වරයා මෙසේද කිය.

විස්තර»

කෝට්ටේ නගරාධිපති අත්අඩංගුවට

කෝට්ටේ නගර සභාව තුළ පෙරේදා දහවල් සිදු වූ බව කියන පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. කෝ‍ට්ටේ නගර සභාවේ විපක්ෂ නායක (එජාප) සුගත් අප්පුහාමි මහතාට පහර දුන්නේ යැයි චෝදනාව මත මොහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීය. ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා වැලිකඩ පොලිසියටද පැමිණිල්ලක් කැර තිබිණි.

විස්තර»

දේශපාලන න්‍යාය පත්‍රවලට වඩා රටේ න්‍යාය පත්‍රය වැදගත්

ජනපති මෛත්‍රී හම්බන්තොටදී කියයි

දේශපාලන න්‍යාය පත්‍රවලට වඩා රටේ න්‍යාය පත්‍රය ඉතා වැදගත් බව පැවසූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලය සඳහා බෙදෙනවාද රට ගොඩනැගීමට එක්වනවාද යන්න අද සියලු දෙනා තීරණය කළ යුතු බව පැවසීය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (08) ‍පෙරවරුවේ එක්වෙමිනි. තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය. රටක් බෙදී වෙන්වූ විට ඒ රට මහා ඛේදවාචකයකට ලක්වෙනවා.

විස්තර»

අරක්කුවල ඇල්කොහොල් ප්‍රතිශතය පරීක්ෂාවට

සල්මන්ගේ සිර දඬුවම තාවකාලිකව අත්හිටුවයි

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන් මන්ත්‍රීන් 3ක් නෙරපීමට එ‍ෙරහිව අතුරු තහනමක්

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දෙන ආධාර දෙගුණ කරනවා

මහින්ද හැදූ සේනාංකය විසුරුවා හරී

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව මුළුමනින්ම බැංකු නීතියට අනුකූලයි

රහසිගත බැංකු ගිණුම් කිසිවක් නෑ

අපේ හමුදාව දැන් ජාත්‍යන්තර මානුෂික මෙහෙයුම්වල

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා මහා නායක පදවිය කැප කරනවා

කොටුව-චුන්නාගම් රාත්‍රි තැපැල් දුම්රිය අද නෑ


මාගම්පුර රුහුණු උරුම කෞතුකාගාරය විවෘත කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් ඊයේ (8) පෙරවරුවේ සිදු විය. සමරු ඵලකය නිරාවරණය කැර කෞතුකාගාරය විවෘත කළ ජනාධිපතිතුමා පළමු ටිකට්පත මිල දී ගෙන එය නැරඹීමටද එක් විය . කෞතුකාගාර පරිශ්‍රයේ Wi - Fi කලාපය විවෘත කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු විය. ඇමැතිවරුන් වන සජිත් ප්‍රේමදාස , මහින්ද අමරවීර, නන්දිමිත්‍ර ඒකනායක යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. ඡායාරූපය-ජනාධිපති මාධ්‍ය අංශය

 

මේවා කැත වැඩ!

ෆැසිස්ට් වියරුව පරදා වසර 70 යි

හඳුන්වා දෙන වචන පිරුණු සයිබර් ටැක්සිය

අහිතකර ක්‍රීඩා නියෝග 11ක් සංශෝධනය කරනතුරු සටන් කරනවා

බංග්ලාදේශයට ලකුණු 550ක ඉලක්කයක්

අලුත්ගම අවට හෝටල් රැසක චර්ම‍ රෝගී සේවකයෝ 19ක් හසුවෙති

වන්දි ගෙවන්නත් නියෝග

බ්‍රිතාන්‍ය ඡන්දයෙන් කැමරන්ගේ පක්ෂයට ජය ලැබෙන ලකුණු

ජැකී චෑන්ගේ ‘කුඩු පුතා’ හිරෙන් ඇවිත් සමාව අරන්

කවි මඩුව

නීතිය සමානයි කාටත් නැත බේද
එනමුදු ඇතැම්විට වෙනසක් පෙනුණාද
සුපිරි ගණේසැකකරුවන් තව වේද
බන්ධනාගාර රෝහල් මදි වේද

--------------- නිලමේ

දිනමිණ අතිරේක