මුද්‍රණය සඳහා

 
ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දෙන ආධාර දෙගුණ කරනවා

ශ්‍රී ලංකාවේ සංවර්ධනයට දෙන ආධාර දෙගුණ කරනවා

ආසියානු සංවර්ධන බැංකුව

ශ්‍රී ලංකාවේ වත්මන් යහපත් වාතාවරණය හේතුවෙන් මෙරට සංවර්ධන කටයුතු සඳහා ලබාදෙන ආධාර දෙගුණයකින් ඉහළ නැංවීමට ආසියානු සංවර්ධන බැංකුව තීරණය කරයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ දී පෙරේදා (7) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රවී කරුණානායක මහතා මෙසේද කීය.

මෙතෙක් එම බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 350ක් -400ක් වැනි මුදලක් රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දුන්න ද ඉදිරියේ දී එය අමෙරිකානු ඩොලර් මිලියන 1,200 ක් -1,300ක් තරම් අගයක් දක්වා ඉහළ නංවා තිබෙනවා. අය-වැය කටයුතු, ප්‍රතිසංස්කරණ කටයුතු ඇතුළු කාර්යයන් වෙනුවෙන් මේ ආධාර ශ්‍රී ලංකාවට ලබාදෙන අතර එය ඔවුන්ගේම ඇස්තමේන්තු බවද අවධානයේ පැවැති අපේ රට සම්බන්ධයෙන් පුළුල් ලෙස අවධානය යොමු කැර මෙවැනි තීරණයකට එළඹීම අගය කරනවා.

වත්මන් ආණ්ඩුව මෙන්ම මීට පෙර පැවැති ආණ්ඩු ද එම බැංකුව සමඟ සමීපව කටයුතු කර තිබෙන වා. එළඹෙන 2018 වසරේ දී පැවැත්වීමට නියමිත ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමිමේලනය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා. 2016 වසරේ දී එම සැසිය ජර්මනියේ සහ 2017 වසරේ දී ජපානයේ පැවැත්වීමට නියමිතයි. ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශනය සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිත කණඩායමක් තවත් මාස දෙකකින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

මේ වසරේ දී එම සැසිය වෙනුවෙන් 4,000ක් පමණ සහභාගි වූ ණා. 2018 වනවිට 5,000ක් පමණ පැමිණිමට නියමිතයි. අද ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ඔවුන්ගේ ඇගයීමට ලක්ව තිබෙන බව ඇමැති වරයා පැවසීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]