මහින්ද හැදූ සේනාංකය විසුරුවා හරී

මහින්ද හැදූ සේනාංකය විසුරුවා හරී

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිහිටුවාගත් ජනාධිපති ආරක්ෂක සේනාංකය විසිරුවා හැර තිබේ.

අප්‍රේල් 30 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මෙම තීරණය ගෙන තිබේ. යුද්ධ හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා ප්‍රකාශ කෙළේ පරිපාලන අවශ්‍යතාවක් මත මෙම පියවර ගෙන ඇති අතර එම සේනාංකයේ සිටි හමුදා භට පිරිස් අදාළ රෙජිමේන්තු වෙත යවා ඇති බවයි.

මේ අතර මෙම ආරක්ෂක බල සේනාංකය විසුරුවා හැරියත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදා ඇති ආරක්ෂක නිලධාරීන්ගේ හෝ ‍එම ආරක්ෂක විධිවිධානවල කිසිදු වෙනසක් සිදු කැර නැති බවද බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා කීය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා