අපේ හමුදාව දැන් ජාත්‍යන්තර මානුෂික මෙහෙයුම්වල

රාජපක්ෂ රෙජිමය ය‍ටතේ තණකොළ කැපූ

අපේ හමුදාව දැන් ජාත්‍යන්තර මානුෂික මෙහෙයුම්වල

එය රටට විශාල කීර්තියක් බව අගමැති කියයි

හමුදාව භාරයේ තිබු ඉඩම් අක්කර දාහක් හමුදාව සිවිල් වැසියන්ට ආපසු භාර දීම පිළිබඳව අමෙරිකාව ඇතුළු ලෝකය පැසසුමට ලක් කර ඇති බවත් එයින් අපගේ හමුදාවට විශාල කිර්තියක් ලැබුණු බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ ආරක්ෂක අංශයේ හිටපු රාජ්‍ය නිලධාරින් සහ ක්‍රියාකාරින් පිරිසක් සිරිකොත මන්දිරයේදි ඊයේ (08) හමු වු අවස්ථාවේදිය.

ජනාධිපතිවරණයේදි මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කර මේ රටේ හමුදාවට නියම තත්ත්වයක් ලබා දිමට අප බලාපොරොත්තු වුණා.අපේ හමුදාවට විශාල ලෙස යුද්ධය පිළිබඳව අත්දැකිම් තිබෙනවා.ඒවා 83පටන් ගත් යුද්ධයට පමණක් සීමා වෙලා නැහැ.20වැනි ශතවර්ෂයේ මුල් භා‍ගයේදි දකුණු අප්‍රිකාවේ යුද්ධය,පළමු ලෝක යුද්ධයේදි සහ දැනට අවුරුදු හැත්තෑවක් සම්පූර්ණ වී ඇති දෙවන ලෝක යුද්ධයේදි අපේ හමුදාව අත්දැකීම් ලබා ‍තිබෙනවා.නිදහසෙන් පසු අපේ හමුදාව සහභාගි වූ විශාලම සටන උතුරු නැඟෙනහිර පැවති යුද්ධයයි.එවැනි අත්දැකීම් ඇති හමුදාවක් තණකොළ කපන්න යෙදවීම ගැන අපට ප්‍රශ්නයක් තිබුණා.දින සියයේ වැඩසටහනේ 69 වගන්තියෙන් අප පොරොන්දු වුයේ විරෝධාර රණවිරුවන් නැවතත් හමුදා සේවයට පමණක් යොදවන බවයි.රාජපක්ෂ රෙජිමය ය‍ටතේ තණකොළ කැපූ අපේ හමුදාව ජාත්‍යන්තර මානුෂික මෙහෙයුම්වලට යොදවන්න අපට හැකි වුණා.පසුගිය සති දෙක තුළ නේපාලයේ භූමිකම්පාව ඇති වූ අවස්ථාවේදී පළමු වතාවට ශ්‍රි ලංකාවේ ත්‍රිවිධ හමුදා තමන්ගේ මෙහෙයුමක් හැටියට හමුදාවත් සිවිල් නිලධාරින්ද නේපාලයට‍ ගොස් භාර දුන් දිස්ත්‍රික්කයේ නේපාලයේ හමුදාව යටතේ වැඩ කටයුතු සිදු කළා.වැඩි බර ඇද්දේ නේපාල හමුදාව වුණත් අපේ හමුදාව උපරිම ලෙස කැප වුණා.නේපාලයේ හමුදාපති රානා මහතා මේජර් ජනරාල් මෛත්‍රි ඩයස් මහතාට ඒ සම්බන්ධයෙන් ස්තූති කළා.අපේ හමුදා‍ මීට පෙර මෙවැනි මෙහෙයුම් සිදු කළේ නැහැ.එක්සත් ජාතින්ගේ සංවිධානයේ සමහර වැඩ කටයුතු සිදු කළා.ආණ්ඩුව සිදු කළ මානුෂික මෙහෙයුම්වලත් ත්‍රිවිධ හමුදාව කටයුතු කළා.ප්‍රථම වතාවට අපේ හමුදාව ගෙනියන්න අපේ ගුවන් හමුදාවට අවස්ථාව ලැබුණා.අපි එයාර් බස් ගැනීමට රටේ මුදල් වියදම් කර ණය ගත්තාට වඩා අපේ ගුවන් හමුදාවට විශාල ගුවන් යානා දෙකක් මිලදී ගත්තා නම් අපට ලෝකයේ මීට වඩා තැනක් ලබා ගැනිමට තිබුණා.අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරි මහතා අපේ රටේ සටන් බිමෙන් ඔබ්බට අනෙකුත් ක්‍රියාදාම සඳහා අවතීර්ණ විමට අවශ්‍ය සෑම සහයෝගයක්ම ලබා දීමට එක්සත් ජනපද රජය එකහෙළාම සුදානම් බව දන්වා තිබෙනවා.

අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දෛනික මාධ්‍ය සාකච්ජා මා බලනවා.ශ්‍රි ලංකා හමුදාව ගැන කියන්නේ මොනවාදැයි එහිදි ප්‍රශ්නයක් යොමු වුණා.ශ්‍රි ලංකාව ඉන්දියානු සාගරයේ නාවික හමුදා මධ්‍යස්ථානයක් බැවින් එහි හමුදාවට ආරක්ෂාව ගැන වැඩ කොටසක් ඇති බවත් එක්සත් ජාතින්ගේ වැඩ කටයුතු කළ යුතු බවත් කියැවුණා.

අප හමුදාවට නව මුහුණුවරක් දී තිබෙනවා.අප හමුදාව පාවා දුන්නා කියා කෑ ගැසුවා.නමුත් හමුදාව පාවා දුන්නේ අපි නොවෙයි.යුද්ධයක් කරන විට හමුදාවක් අතින් බොහෝ විට සාමාන්‍ය නිතිය කඩ වෙනවා.ස්ත්‍රි දූෂණ සහ සොරකම් සිදු වෙනවා.රටකට යුතුකමක් තිබෙනවා යුද්ධයෙන් පසුව ඒ පිළිබඳව සොයා බැලීමට.සිවිල් කණ්ඩායම් යුද්ධයේදි මරුමුවට පත් වූ බව කියනවා.ආණ්ඩුවට ඒ පිළිබඳව සොයා බැලීමට තිබුණා.ඒක සිදු නොකර ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරිමට එකඟ වුණා.එයට පෙර ආණ්ඩුවට පරික්ෂණයක් කරන්න කීවත් බැහැ කිව්වා.ඉන්පසු දරුස්මාන් වාර්තාව ගෙන ආවා.අපේ රටේ නිති කඩන ඕනෑම අයෙකුට දඬුවම් කිරීමට සුදානම් බව ගිය කණ්ඩායම කිව්වා.ජාත්‍යන්තරය හමුවේ තමන්ගේ සාක්කි ඉදිරිපත් කළේ නැහැ.හැමවිටම බැලුවේ තමන් ආරක්ෂා විමට මිස හමුදාව ආරක්ෂා කිරිම නොවේ.හමුදාව පැත්තක දැම්මා.මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වී ආරක්ෂක ඇමැති ලෙස පත් වු පසු තත්ත්වය වෙනස් වුණා.යුද්ධයෙන් පසු ඉදිරිය දිහා බලා ආරක්ෂාව සැලසිම අවශ්‍යයි.හමුදාවේ කාර්යයන් අවසන්.අප දේශපාලන විසඳුමක් සෙවිය යුතුයි.එමගින් ප්‍රශ්නය විසඳා ගැනිමට හැකි වෙතැයි මා විශ්වාස කරනවා.

හමුදාවට අප අනාගතයක් ඇති කර තිබෙනවා.ඔබට ඒ ගැන පැහැදිලි කිරිමට ලැබිම ගැන සතු‍ටු වෙනවා.හමුදා ආරක්ෂක මාණ්ඩලික නිලධාරි ජගත් ජයසුරිය මහතාට ලිපියකින් මා ඒ බව දැනුම් දුන්නා යැයිද කිය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා