සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා මහා නායක පදවිය කැප කරනවා

සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා මහා නායක පදවිය කැප කරනවා

අභිනව අස්ගිරි මහ නායක ගලගම ශ්‍රී අත්ථදස්සි නාහිමි

උතුම් සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා මහා නායක පදවියේ උත්තරීතර වගකීම නොපිරිහෙලා ඉටු කරන බව සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ අභිනව මහා නායක ගලගම ශ්‍රී අත්ථදස්සි හිමියෝ පවසති.

ත්‍රෛයි නිකායික මහා සංඝරත්නය සමඟ ඉතා සුහදව කටයුතු කරමින් සිය ශාසනික මෙහෙවර ඉදිරියට ගෙන යන බවද මහා නාහිමියෝ කීය.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අභිනව මහා නායක ධුරයට පත්වීමෙන් පසු උන්වහන්සේ මහා නාහිමි විහාරස්ථානයේ දී මේ බැව් පැවැසූහ.

රටෙහි ජාතික ආගමික ගැටලුවලදී අවශ්‍ය අනුශාසනා හා මඟ පෙන්වීම නොපිරිහෙළා ඉටු කරන බවද ඒ සඳහා අනෙකුත් මහා සංඝරත්නයේ අදහස් උදහස් සැළකිල්ලට ගන්නා බවත් අත්ථදස්සි මහා නාහිමියෝ කීහ.

අස්ගිරි මහා විහාරයීය කාරක සංඝ සභාව තමන්වහන්සේ පිළිබඳ විශාල ගෞරවයක් හා විශ්වාසයක් පැවැතීම නිසා ඒකමතිකව පත් කරගනු ලැබු බවද තිස් වසරකට වඩා මහා විහාරයේ උපාධ්‍යායවහන්සේ නමක වූ තමන් වහන්සේට මනා අවබෝධක් අස්ගිරි මහා විහාර පාර්ශ්වය මෙන්ම ශාසනික වශයෙන් පවතින බවද අභිනව මහා නාහිමියෝ කීහ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා