මුද්‍රණය සඳහා

 
අඩි 10න් 10ට සුවඳ වෙනස්වන දිගම හඳුන්කූර රද්දොළුවෙන්

අඩි 10න් 10ට සුවඳ වෙනස්වන දිගම හඳුන්කූර රද්දොළුවෙන්

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් ලෝකයේ දිගම හඳුන්කූර ලෙස නම් කෙරෙන වසරක් පුරා නොනිමී දැල්වෙන අඩි 1500ක් දිගැති හඳුන්කූර කොටුගොඩ රද්දොළුව සුබෝධාරාම විහාරස්ථානයේදී පසුගිය වෙසක් පෝදා දල්වා සුබ මොහොතින් විවෘත කෙරිණි.

කොටුගොඩ සුබෝධාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී අමරපුර පාර්ශ්වයේ අධිකරණ සංඝනායක රද්දොළුවේ විමලවංශ හිමිගේ ආශිර්වාදයෙන් විවෘත වු මෙම ලොව දිගම හඳුන්කූර නිෂ්පාදනය කළ මල්ෂා හඳුන්කූරු නිෂ්පාදන ආයතනයේ හිමිකරු වන බෙනට් ජයසිංහ මහතා අපට මෙසේ කීවේය.

විහාරයේ සමාධි පිළිමයේ සිට මේ හඳුන්කූරේ දිග අඩි 1500යි. මේක අවුරුද්දක් පුරා දැල්වෙන්න හදල තියෙනවා. සුවඳ වර්ග 35ක් කවල තියෙනවා. අඩි 10න් 10 සුවඳ වෙනස් වෙනවා. ලැවැන්ද්‍රා, සමන්පිච්ච, ජෙස්මින්, නාමල්, අරලිය වැනි සුවඳ වර්ග කවා තිබෙනවා. මට මේක හදන්න මාස 4ක් ගියා. අලුත් නිර්මාණයක් ලෙසයි මම මේක කළේ. මේ සඳහා මට මගේ පෞද්ගලික වියදමින් රු. 25000ක් වැය කළා' යැයි කීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]