ගලගම අත්ථදස්සී මාහිමි අස්ගිරි මහානායක ධුරයට
ගලගම
අත්ථදස්සී මාහිමි
අස්ගිරි මහානායක ධුරයට
අසේල කුරුළුවංස, ඉන්දික පොල්කොටුව
එස්. කේ. සමරනායක
සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ නව මහානායක ධුරය සඳහා ගලගම ධම්මසිද්ධි
ශ්රී ධම්මානන්ද අත්ථදස්සි නාහිමියෝ ඊයේ පස්වරුෙව් තේරී පත් වූහ. අස්ගිරි මහා
විහාරයේ මංගල උපෝසථාගාරයේදී රැස්වූ අස්ගිරි මහා කාරක සංඝ සභාව විසින් එම
පත්කිරීම ඒකච්ඡන්දයෙන් සිදු කර තිබේ. වර්ෂ 1922 ජනවාරි 11 වැනි දින කුලතුංග
මුදියන්සේලාගේ කිරිබණ්ඩාර නමින් මාතලේ අස්ගිරි පල්ලේසියපත්තුවේදී උපත ලද මහ
නාහිමියෝ 1936 දී පැවිදි දිවියට ඇතුළත් වූහ. 1942 උපසම්පදාව ලැබූ උන්වහන්සේ 1999
අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට පත්වූහ. උන්වහන්සේ මෙසේ තේරී පත්වූයේ අස්ගිරි
පාර්ශ්වයේ 21 වැනි මහානායක ධුරයටය.
|