අරක්කුවල ඇල්කොහොල් ප්‍රතිශතය පරීක්ෂාවට

අරක්කුවල ඇල්කොහොල් ප්‍රතිශතය පරීක්ෂාවට

ඇල්කොහොල් ප්‍රතිශතය සියයට 22.8 -48.5 දක්වා අඩංගු වෙයි.

දිවයින පුරා අලෙවි කිරීමට තබා ඇති අරක්කු වල ඇල්කොහොල් (එතිල් ඇල් කොහොල්) ප්‍රතිශතය පරීක්ෂා කැර වහාම වාර්තාවක් ලබා දෙන ලෙස ජීවන වියදම් අවම කිරීමේ කමිටුව පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දී ඇත. ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරිය පනතෙහි 31වැනි වගන්තියට අනුව ඇල් කොහොල් ප්‍රතිශතය පරීක්ෂා කරන බව අධිකාරියේ සභාපති රූමි මර්ෂුක් මහතා පැවසීය.අරක්කු බෝතල්වල ඇල්කොහොල් ප්‍රතිශතය සියයට 22.8 -48.5 දක්වා අඩංගු වෙයි.

එහෙත් ඇතැම් මත්පැන් වල ඇල්කොහොල් ප්‍රතිශතය ලේබලයේ සටහන්ව ඇති ප්‍රමාණයට ඉක්මවා හෝ අවම වී තිබෙන බවට පැමිණිලි ලැබී ඇතැයි ජීවන වියදම් අවම කිරීමේ කමිටු රැස්වීමේදී අනාවරණය විය . ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව මත්පැන් සාම්පල පරීක්ෂා කිරීමට කටයුතු කරන අතර මේ වන විට මත්පැන් වල සාම්පල ලබා ගැනීම ආරම්භ කැර ඇත.

සාම්පල පරීක්ෂා කිරීමෙන් පසුව කඩිනම් වාර්තාවක් ජීවන වියදම් අවම කිරීමේ කමිටුවට ඉදිරිපත් කරන බව සභාපති රූමි මර්ෂුක් මහතා පැවසීය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා