උතුරු-නැ‍ඟෙනහිර හමු‍දා කටයුතු අවසන්

උතුරු-නැ‍ඟෙනහිර හමු‍දා කටයුතු අවසන්

දේශපාලන විසඳුමකට එළැඹීම වැදගත් බව අගමැති කියයි

උතුරු නැ‍ඟෙනහිර සම්බන්ධයෙන් ත්‍රිවිධ හමු‍දාවේ කාර්ය භාරය අවසන් බවත් දැන් ඇත්තේ දේශපාලන විසඳුමකට එළැඹීම බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි .

අගමැති වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කෙළේ ආරක්ෂක සේවයේ හිටපු රාජ්‍ය නිලධාරින් සහ ක්‍රියාකාරින් පිරිසක් සිරිකොත මන්දිරයේදි ඊයේ (08)හමු වූ අවස්ථාවේදිය.

තවදුරටත් අගමැති වරයා මෙසේද කිය.

නැවතත් අප රටට යුද්ධයක් අවශ්‍ය නොමැති බවත් දේශපාලන විසඳුමක් මඟින් ප්‍රශ්නය විසඳීමට හැකි වේ යැයි මා විශ්වාස කරන වා.

යුධමය කාර්යයන් අවසන් කර ඇති හමුදාව 21 වැනි ශත වර්ෂයට ගැලපෙන සේ නවීකරණය කර ජාත්‍යන්තර ලෝකය සමඟ එක් කර රටේ ආරක්ෂක කටයුතු කිරීමට අවකාශය ලබා දිය යුතුයි.

ර‍ට වෙනුවෙන් කළ සේවය කළ ඹබට ස්තූතියි. දින සියය වැඩ සටහනේ 69 වගන්තියෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොරොන්දු වූ පරිදි , රාජපක්ෂ රෙජිමය යුද්ධයෙන් පසුව තණකොල කැපිමට,පාර අතු ගෑමට සහ කානු ශුද්ධ කිරිමට යොදා සිටි අපේ විරෝධාර රණවිරුවන් ඉන් මුදවා ගෙන ත්‍රිවිධ හමුදා සේවයට පමණක් යෙදවීමට කටයුතු කළා..

වර්තමාන ආණ්ඩුව ත්‍රිවිධ හමුදාවට නව මුහුණුවරක් දුන්නා. පැත්තක දමා තිබු හමුදාව මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වී ආරක්ෂක ඇමැති වීමෙන් පසු හමුදාවට අලුත් වැඩ කොටසක් භාර දිය යුතු යැයි තීරණය කළා.

හමුදාව භාරයේ තිබු ඉඩම් අක්කර දාහක් නැවතත් සිවිල් ජනතාවට භාර දිමට හමුදාව ගත් තීරණය පිළිබඳව අමෙරිකාව ඇතුළු විදේශ රටවල් පැසසීමට ලක් කළා. එමගින් අපේ හමුදාවට විශාල කීර්තියක් ඇති වු ණා.

හමුදාවට අප අනාගතයක් ගොඩ නගා තිබෙනවා යැයිද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කිය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා