කෝට්ටේ නගරාධිපති අත්අඩංගුවට

කෝට්ටේ නගරාධිපති අත්අඩංගුවට

කෝට්ටේ නගර සභාව තුළ පෙරේදා දහවල් සිදු වූ බව කියන පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නගර සභාවේ නගරාධිපති ජනක රණවක මහතා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. කෝ‍ට්ටේ නගර සභාවේ විපක්ෂ නායක (එජාප) සුගත් අප්පුහාමි මහතාට පහර දුන්නේ යැයි චෝදනාව මත මොහු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කීය.

ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා වැලිකඩ පොලිසියටද පැමිණිල්ලක් කැර තිබිණි.

ජනක රණවක මහතා කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ජනක රත්නායක මහතාටද සුගත් අප්පුහාමි මහතා පහරදුන් බවට පැමිණිල්ලක් කැර තිබුණි. ඒ සම්බන්ධවද පොලිසිය පරීක්ෂණ සිදු කරයි. ඔහුද දැනට රෝහල්ගතවී සිටී.

ජනක රණවක මහතා ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. වැලිකඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා