සල්මන්ගේ සිර දඬුවම තාවකාලිකව අත්හිටුවයි

සල්මන්ගේ සිර දඬුවම තාවකාලිකව අත්හිටුවයි

සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට පැනවූ පස් අවුරුදු සිර දඬුවම තාවකාලිකව අත්හිටුවා තිබේ . ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ එම දඬුවමට එරෙහිව සල්මන් ඛාන් ඉදිරිපත් කළ අභියාචනය මුම්බායි මහාධිකරණය සලකා බලන තුරු මෙම අත්හිටුවීම බල පැවැත්වෙන බව ය.

පෙරේදා ප්‍රකාශයට පත් කෙරුණු අධිකරණ නියෝගය අනුව සල්මන් ඛාන් බන්ධනාගාරගත කිරීමට නියමිතව තිබුණේ අද සිට ය. එහෙත්, අද නිකුත් කළ තීරණය අනුව ඔහුගේ අභියාචනය සලකා බැලෙන තුරු ඔහුට ඇප මත නිදහසේ සිටීමට අවස්ථාව හිමි වනු ඇත .

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා