|
||||
සල්මන්ගේ සිර දඬුවම තාවකාලිකව අත්හිටුවයිසුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට පැනවූ පස් අවුරුදු සිර දඬුවම තාවකාලිකව අත්හිටුවා තිබේ . ඉන්දීය මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ එම දඬුවමට එරෙහිව සල්මන් ඛාන් ඉදිරිපත් කළ අභියාචනය මුම්බායි මහාධිකරණය සලකා බලන තුරු මෙම අත්හිටුවීම බල පැවැත්වෙන බව ය. පෙරේදා ප්‍රකාශයට පත් කෙරුණු අධිකරණ නියෝගය අනුව සල්මන් ඛාන් බන්ධනාගාරගත කිරීමට නියමිතව තිබුණේ අද සිට ය. එහෙත්, අද නිකුත් කළ තීරණය අනුව ඔහුගේ අභියාචනය සලකා බැලෙන තුරු ඔහුට ඇප මත නිදහසේ සිටීමට අවස්ථාව හිමි වනු ඇත . |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්‍ර සමාගම
© 2015 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |