වන්දි ගෙවන්නත් නියෝග

මිනී මරන්න තැත්කළැයි අත්හිටවූ සිර දඬුවම් :

වන්දි ගෙවන්නත් නියෝග

මිනිමැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ විත්තිකරු වරද පිළිගත් බැවින් වසර දෙකක සිර දඬුවමක් නියම කරමින් එම සිරදඬුවම වසර දහයකට අත්හිටුවා රුපියල් 15,000ක දඩයක් කුරුණෑගල මහාධිකරණ විනිසුරු සුනන්ද කුමාර රත්නායක විසින් නියම කරන ලදී.

එම සිර දඬුවමට අමතරව පැමිණිලිකරුට සහ ඔහු‍ෙග් පවුගේ යැපෙන්නන් සඳහා රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් ද ගෙවන ලෙසට නියෝග කළේය.

එකී වන්දි මුදල මසකට රුපියල් 10,000 බැගින් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි මහතා ඉදිරියේ තුවාලකරුට ගෙවන ලෙසට නියෝග කළේය. නොගෙව්වොත් තවත් වසර දෙකකින් සිර දඩුවම් දීර්ඝ කරන බවද කියා සිටියේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා