ගම්පහ පිළිකා සුවසරණ සාධු සමාජයෙන් සත්කාරක සේවා

ගම්පහ පිළිකා සුවසරණ සාධු සමාජයෙන් සත්කාරක සේවා

ගම්පහ මැදගම සිරි සුනන්දාරාම විහාරස්ථානය හා සම්බන්ධ වී ක්‍රියාකරන ගම්පහ පිළිකා සුවසරණ සාධු සමාජය හැඳින්විය හැකි යැයි ගම්පහ නවලෝක තරුණ මධ්‍යස්ථානය, සුමේධ විද්‍යාලය අධිපති වෛද්‍ය විශේෂඥ විල්ප්‍රඩ් විජේසිංහ මහතා පැවැසීය.

වෛද්‍ය විශේෂඥ විල්ප්‍රඩ් විජේසිංහ මහතා එසේ පැවැසුවේ ගම්පහ පිළිකා සුවසරණ සාධු සමාජය මගින් වෛද්‍ය සායනවලට සහභාගිවන රෝගීන් සඳහා මාසිකව මුදල් පරිත්‍යාගයක් ලබන ප්‍රතිකාරලාභීන් වෙනුවෙන් මුදල් ආධාරයන් පිරිනැමීමේ උත්සව සභාව අමතමිනි.

මේ සත්කාරය ගම්පහ සිරි සුනන්දාරාම විහාරස්ථානයේදී සිදු විය.

වෛද්‍ය විල්ප්‍රඩ් විජේසිංහ මහතා මෙසේද පැවැසීය. සුවසරණ සාධු සමාජය කැපකරු සාමාජික සාමාජිකාවන් එක්කර ගෙන ගෙන යන ප්‍රජා සේවාව සඳහා කාර්යාල ගොඩනැඟිල්ලක් නොමැතිකම අඩුපාඩුවක් හෙයින් ඒ සඳහා ගම්පහ නව ගොඩනැඟිල්ලක් ඉදිකර දෙන්නට පොරොන්දු වෙනවා.

සිරි සුනන්දාරාම විහාරාධිපති තුම්මෝදර සමිතසෝම හිමි - මේ සාධු සමාජයෙන් මාසිකව ආධාර ලැබූ රෝගීන් කිහිපදෙනකු සුව වී අපිට දැන් ආධාර එපා, අපිට සනීපයි කියා එම ආධාර තවත් අයකුට දෙන්න කියනවා. සංගමයේ උත්සාහය සාර්ථකයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා