අඹ ගෙඩියකට රණ්ඩුවෙලා අයකුට පිහියෙන් ඇන මරලා

අඹ ගෙඩියකට රණ්ඩුවෙලා අයකුට පිහියෙන් ඇන මරලා

පාණදුර නගරසභා පිටියේ මැයි මස 2 වැනිදා රාත්‍රී පැවත්වු සංගීත සංදර්ශනයකට සහභාගිවී නිවාස කරා යමින් සිටි තරුණ පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් පාණදුර මෝදරවිල සුනාමි නිවාස යෝජනා ක්‍රමයේ පදිංචි 23 හැවිරිදි මද්දුමාගේ දර්ශණ නිශ්ශංක ප්‍රනාන්දු නැමැති තරුණයකු ඝාතනයට ලක් වී තිබේ.

ඔහුගේ ඝාතනය සම්බන්ධයෙන් පාණදුර දකුණ පොලිසිය විසින් සැකපිට අත් අඩංගුවට ගත් තරුණයන් 22 දෙනකු පාණදුර ප්‍රධාන මහේත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු රුචිර වැලිවත්ත මහතා විසින්මේ මස 13 දින දක්වා රක්ෂීක බන්ධනාගාර ගත කරණ ලදී. 05-05 -15 දින සහ 06-05-15 දිනයන්හිදි මේ සැකකරුවන් පාණදුර දකුණු පොලිසියේ සැරයන් ආනන්ද මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කළේ බී වාර්තා සමඟය. මේ තරුණ පිරිස ගාලුපාරේ ගමන් කරමින් සිටියදී පාර අයිනේ තිබුණු අඹගසකට ගල් ගසා අඹ කඩා ඇත. ගසෙන් වැටුණ අඹගෙඩියක් එක් තරුණයකු අහුලාගෙන ඇත.

එම අඹගෙඩිය උදුරාගැනීමට වෙනත් තරුණයකු ඉදිරිපත්වීම නිසා පළමු ගැටුම සිදුවි ඇත.

අනතුරුව ස්ථාන දෙකකදී දෙපිරිස බහින් බස්වී ගුටිබැට හුවමාරු කරගෙන ඇති බවත් තුන්වැනි ස්ථානයේදී දෙදෙනකු විසින් 23 හැවිරිදි නිශ්ශංක ප්‍රනාන්දු නැමැත්තාට පිහියෙන් ඇන ඇත. ප්‍රධාන සැකරුවන් දෙදෙනා හදුනාගැනීමේ පෙරෙට්ටුවක් සදහා ඉදිරිපත් කිරීමට පොලිසිය අධිකරණයේ අවසරය ඉල්ලා සිටියේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා