ජනසතු සේවා මේස පන්දු ලීග් තරගාවලිය මහනුවර දී

ජනසතු සේවා මේස පන්දු ලීග් තරගාවලිය මහනුවර දී

ශ්‍රී ලංකා ජනසතු සේවා මේස පන්දු සංගමය සංවිධාන කරන මේස පන්දු ලීග් තරගාවලිය මේ මස 28දා මහනුවර ජගත් රාජපක්ෂ අන්තර්ජාතික මේස පන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගාවලියට එක්වන ජනසතු සේවා ආයතන මේ මස 12වැනිදාට පෙර අයැදුම්පත් යොමු කළ යුතු බව සංවිධායකයෝ පවසති.

පිරිමි තරග ඒ, බී, හා සී ලෙස කාණ්ඩ තුනකින්ද කාන්තා තරග ඒ හා බී ලෙස කාණ්ඩ දෙකක් යටතේද පැවැත්වෙයි. පිරිමි කණ්ඩායමකට කේවල 3ක් හා යුගල තරගා සඳහා 2ක් ලෙස පස් දෙනකුද කාන්තා කණ්ඩායමකට කේවල 2ක් හා යුගල 1ක් සමග තිදෙනෙකුද ඇතුළත් කළ හැකිය. කසුන් ගමගේ, ශාඛා පරිපාලන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, වොක්ෂෝල් වීදිය, කොළඹ 2 ලිපිනයට අයැදුම්පත් යොමු කළ යුතුය. තරග කුසපත් ඇදීම 15වැනිදා කොළඹ 10 ඩීන්ස් පාර මහජන බැංකු ක්‍රීඩාගාරයේදී සිදු කෙරේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා