ජැකී චෑන්ගේ ‘කුඩු පුතා’ හිරෙන් ඇවිත් සමාව අරන්

ජැකී චෑන්ගේ ‘කුඩු පුතා’ හිරෙන් ඇවිත් සමාව අරන්

මත්ද්‍රව්‍ය වැරැදිකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීම සම්බන්ධයෙන් තමන් පූර්ණ සහයෝගය දක්වන බව ලෝ සුපතල හොංකොං ජාතික, හොලිවුඩ් සිනමා නළුවකු වන ජැකී චෑන් ප්‍රකාශ කර තිබේ. මත්ද්‍රව්‍ය වරදකට ඔහුගේ පුත් ජේසි චෑන් ද සිර දඬුවම් විඳ ඇති අතර ජැකී චෑන් පවසන්නේ මත්ද්‍රව්‍ය දහස් ගණන් තරුණ පිරිස් විනාශ මුඛයට යොමු කරන අතර ඔවුන්ගේ පවුල් ද විනාශ කරන බවය.

ඔහුගේ පුත් ජේසි චෑන් ගේ නිවසේ තිබී මරිජුවානා සොයා ගැනීමෙන් පසු ඔහුට සය මසක සිර දඬුවමක් නියමව තිබිණ. 2009 දී චීන පොලිසිය විසින් ජැකි චෑන් නිල මත්ද්‍රව්‍ය පාලක තානාපතිවරයකු ලෙස ද නම් කර තිබිණ.

චීනය මෙන්ම සිංගප්පූරුව ද මත්ද්‍රව්‍ය වරදට මරණීය දණ්ඩනය ලබා දෙනු ලැබේ.

ජැකී චෑන්ගේ පුත් ජේසි චෑන් හය මසක සිර දඬුවමක් ලබා නිදහස ලැබීමෙන් පසු සිය නිවසේදී මිනිසුන්ට මරිජුවානා භාවිතයට ඉඩ සැලසීමෙන් කළ වරදට ප්‍රසිද්ධියේ ජනතාවගෙන් සමාව ඉල්ලා ඇත්තේ ඒ පිළිබඳ ලජ්ජා වන බවද පවසමිනි. 32 හැවිරිදි වියේ පසුවන ඔහු සිය පියා මෙන්ම නළුවකු හා ගායකයකු ද වේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා