දකුණු අප්‍රිකාවේ ප්‍රධාන විපක්ෂයට කළු නායකයෙක්?

දකුණු අප්‍රිකාවේ ප්‍රධාන විපක්ෂයට කළු නායකයෙක්?

දකුණු අප්‍රිකාවේ සුදු ජාතික බලයට නතු ප්‍රධාන විපක්ෂය, පාලක අප්‍රිකානු ජාතික කොංග්‍රසයට අභියෝගයක් වන පරිදි ප්‍රථම වරට කළු ජාතිකයකු එහි නායක්තවය සඳහා තෝරා ගැනීමට යන බව ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදි සන්ධානයේ පාර්ලිමේන්තු නායක34 හැවිරිදි මියුසි මායිමේන්, එහි නායකත්වයෙන් ඉවත් වූ හෙලන් සිලේගෙන් හිස්වූ ධුරයට තරග කරන අතර ඉරිදා පැවැත්වෙන ඡන්ද විමසිමේදි කළු ජාතිකයකු වන ඔහු ජය ගනු ඇතැයි අපේක්ෂා කරයි. හෙලන් සිලේ අට වසරක කාලයක් පක්ෂ නායකත්වය දරා ඇති අතර පසුගිය මාසයේ නායකත්වයෙන් ඉවත් වන බව ප්‍රකාශ කර තිබිණ.

වර්ණභේ වාදි සුදු සුළුතර පාලනය අවසන් වීමෙන් වසර 21ක් ගතවුව ද සුදුජාතික බලයට නතු ප්‍රජාතන්ත්‍රවාදි සන්ධානය ගැන පැවැති සැකසංකා දුරලමින් කළුජාතික බහුතරයේ සහයෝගය දිනා ගැනීමට ඔහුගේ නායකත්වය ඉවහල් වනු ඇතැයි සැලකේ. 2009 දී පක්ෂයට බැඳුණු මායිමේන් පක්ෂ නාකයත්වයට සුදුසු සේම නිසැක වශයෙන්ම ජය ගනු ඇති බව දේශපාලන විමර්ශකයන්ගේ මතයයි.

ඉරිදා පැවැත්වෙන පක්ෂ ඡන්ද විමසීමට ඔහු සමඟ තරග වදින්නේ 61 හැවිරිදි ජ්‍යෙෂ්ඨ පක්ෂ නායකයකු වන විලියම් ජේම්ස් පමණි. පෝට් එලිසබත් නග‍රයේදි පැවැත්වෙන පක්ෂයේ වාර්ෂික සමුළුවේදි නියෝජිතයන් 1425 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතය.

2009 මහමැතිවරණයේදි දී 16.6%ක ඡන්ද ප්‍රමාණයක් ලත් ප්‍රජාතන්ත්‍රවාදි සන්ධානය 2014 දී 22.2ක ඡන්ද ප්‍රතිශතයක් ලැබුව ද 1994 වර්ණභේදවාදය අවසන් වූ තැන් පටන් මේ දක්වාම අප්‍රිකානු ජාතික කොංග්‍රසයට විකල්පයක් ලෙස අභියෝග කිරීමට සමත්ව නැත.

කෙසේවෙතත් මියුසිමායිමේන් නායකත්වයට පත්වීමෙන් එම අභියෝගය ජය ගත හැකි වෙතැයි සැලකේ. ඒ අනුව ලබන වසරේ පැවැත්වෙන පළාත්පාලන ආයතන ඡන්ද විමසීමේදි ඔවුන්ගේ ශක්තිය උරගා බැලෙනු ඇත. ඒ සඳහා කළු ජාතික නායකත්වයක් පුර්ව අවශ්‍යතාවක්ව ඇති බව පක්ෂනායකත්වයෙන් ඉවත්වූ හෙලන් සිලේ ද පවසා තිබේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා