පරීක්ෂණ රහස් පොලිසියට බාර දෙයි

 කයිට්ස් පාසල් සිසුවියගේ ඝාතනය:

පරීක්ෂණ රහස් පොලිසියට බාර දෙයි

පසුගියදා යාපනයේ කයිට්ස් පුන්කුඩුතිව්හිදී පැහැර ගැනීමකට ලක්ව දූෂ­්‍ය කර ඝාතනය කර ඇති 18 හැවිරිදි සිවයෝගනාදන් විද්‍යා සිසුවියගේ ඝාතනයට අදාළ පරීක්ෂණ කටයුතු පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා විසින් රහස් පොලිසියට බාරදී තිබේ.

ඇය පුන්කුඩුතිව් මහා විද්‍යාලයේ අ.පො.ස. උසස් පෙළ විභාගයට සූදානමින් සිටි සිසුවියකි. පසුගියදා ඇය පාසල් යමින් සිටියදී යම් පිරිසක් සැලසුම් සහගතව ඇය පැහැරගෙන ගොස් මෙම අපරාධය සිදු කර ඇත.

මෙම අපරාධයට සම්බන්ධ පුද්ගලයන් 9 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඉන් එක් අයෙක් ස්විස්ටර්ලන්‍තයේ පදිංචි ශ්‍රී ලාංකික දෙමළ ද්‍රවිඩ ජාතිකයෙකි. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත ප්‍රදේශයේදීය. මෙම සිසුවිය එදින නිවසේ සිට පාසලට යමින් සිටියදී අතරමගදී පැහැරගෙන තිබිණි. දෙමාපියන් ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කර ඇත. පසුව ඇගේ මළ සිරුර අසල කැලෑවක තිබී හමුවූයේ පසුදිනයි. ඇගේ යට ඇඳුම් කටේ ඔබා දෙපා බැඳ දූෂණය කර ඝාතනය කර තිබේ. අදාළ රහස් පොලිස් කණ්ඩායම ඊයේ කයිට්ස් වෙත ගොස් සිද්ධියට අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා