විමල්ගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි

විමල්ගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය වූ ශෂී වීරවංශ මහත්මිය අසත්‍ය තොරතුරු ඇතුළත් කර විදේශගමන් බලපත්‍රයක් සහ ජාතික හැඳුනුම්පතක් සකස් කිරීම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිසිය ඊයේ (20) වීරවංශ මහතාගෙන්ද ප්‍රකාශ ලබා ගත්තේය.

විමල් වීරවංශ මහතා අමාත්‍යවරයකුව සිටියදී ප්‍රභූ වරප්‍රසාද සහිත විදෙස් ගමන් බලපත්‍රයක් මෙසේ සකස් කර ඇති බවත් වීරවංශ මහතාගේ වරප්‍රසාද හරහා එසේ සකස් කිරීම සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්න කර තිබේ.

වීරවංශ මහත්මිය‍ටත් එම විදෙස් ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත සකස් කිරීම සම්බන්ධව මේ වන විට රහස් පොලිසිය මගින් නඩු පවරා තිබේ.

වීරවංශ මන්ත්‍රීවරයාගෙන් ඊයේ (20) අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පැය 4ක පමණ කාලයක් ප්‍රශ්න කර සටහන් කරගෙන තිබුණි.

අනතුරුව එම පරීක්ෂණ වාර්තාව ඉදිරියේදී රහස් පොලිසිය මඟින් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා