වව්නියාවේ හර්තාල් - සාමාන්‍ය ජන ජිවිතයට බාධා

වව්නියාවේ හර්තාල් - සාමාන්‍ය ජන ජිවිතයට බාධා

[2015-05-21 11:50]

වව්නියාව එක්සත් වෙළද සංගමය ඇතුළු සංවිධාන කිහියක් එක්ව අද දවස පුරා හර්තාල් ව්‍යාපාරයක් දියත්කර තිබේ.

පවතින මෙම තත්ත්වයත් සමග ප‍්‍රදේශයේ සාමානය ජන ජිවිතය අඩාල වී ඇති බව අප ප්‍රාදේශිය වාර්තාකරු පවසයි.

යාපනය කයිට්ස් පුංකුඩතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ දැරියක් දූෂණය කර මරා දැමීමේ සිද්ධියට විරෝධය පළ කරමින් ඔවුන් එලෙස හර්තාල් ව්‍යාපාරයේ නිරත වේ.

මේ අතර ඊයේ යාපනය අධිකරණ සංකීර්ණය අසල කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු 130 දෙනෙකු අද යාපනය මහේස්ත‍්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරෙනු ඇති. 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා