බලපත් නැති බස් අධිවේගයෙන් ඉවත් කරන්නැයි වර්ජනයක්

බලපත් නැති බස් අධිවේගයෙන් ඉවත් කරන්නැයි වර්ජනයක්

[2015-05-21 14:40]

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බලපත්‍ර නොමැතිව බස් රථ ධාවනයට එක්කිරීමට එරෙහිව පෞද්ගලික බස් රථ සේවකයන් පිරිසක් වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට ධාවනයෙන් ඉවත් වූ කතරගම, හම්බන්තොට, ඇඹිලිපිටිය, වලස්මුල්ල, මිද්දෙණිය, වීරකැටිය යන ප්‍රදේශවල සිට කොළඹ බලා ධාවනය කරන සාමාන්‍ය සේවා බස් රථවලට සහය පළකරමින් අද පෙරවරුවේ තංගල්ල නගරයෙන් ධාවනය වන සියලූම පෞද්ගලික බස් රථද ධාවන කටයුතු වලින් ඉවත්ව ඇත.

මේ අතර ගැටලුවට විසඳුම් ඉල්ලා බස් රථ සේවකයින් 06 දෙනෙකු මේ වන විට තංගල්ල නගරයේ බස් නැවතුම්පළේ වහලය මත නැඟ විරෝධතාවයේ නිරත වන බව ද සඳහන්වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා