නයිජීරියාවේ දී පැහැරගනු ලැබූ ශ්‍රී ලාංකිකයා නිදහස්කර ගැනීමට පියවර

නයිජීරියාවේ දී පැහැරගනු ලැබූ ශ්‍රී ලාංකිකයා නිදහස්කර ගැනීමට පියවර

[2015-05-21 17:10]

නයිජීරියාවේ දී පැහැරගනු ලැබූ ශ්‍රී ලාංකිකයා නිදහස්කර ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ක්‍රියාමාර්ග ගන්නා බව වි‍‍දේශ කටයුතු විදුලි සං‍දේශ හා ‍තොරතුරු තාක්ෂණ නි‍යෝජ්‍ය ඇමැති නීතීඥ අජිත් පී ‍පෙ‍රේරා අවධාරණය කරයි.

‍මේ සම්බන්ධ‍යෙන් නයිජීරියානු රජය සහ අදාළ අංශ සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භකර ති‍බෙන බවද එම ශ්‍රී ලාංකිකයා නිදහස්කර ගැනීම ‍වෙනු‍වෙන් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ‍මේ වනවිට ක්‍රියාත්මක වී ති‍බෙන බවද ඒ මහතා ප්‍රකාශ කරයිග

නි‍යෝජ්‍ය ඇමැතිවරයා ‍මේ බව සඳහන් ක‍ළේ විදුලි සං‍දේශ හා ‍තොරතුරු අමාත්‍යාංශ‍යේ දී අද පැවැති මාධ්‍ය හමුවකට සහභාගි ‍වෙමින්.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා