කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලිංගික අල්ලස් චෝදනා සනාථ වෙයි

කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ලිංගික අල්ලස් චෝදනා සනාථ වෙයි

[2015-05-21 17:15]

ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා කණ්ඩායමේ කළමනාකාරීන් කිහිපදෙනෙකුට විරුද්ධව එල්ල වී තිබූ ලිංගික අල්ලස් චෝදනා සනාථ වී ඇති බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි.

ඒ අනූව ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා අමාත්‍යවරයා කටයුතු කරන බව එම අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

තවද ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලැබී ඇති කමිටු සාමාජිකයන්ගේ නිර්දේශ ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුව වෙත ඉදිරිපත් කර ඊට අනුකූලව ක්‍රියාකිරීමට උපදෙස් ලබාදීමට කටයුතු කරන බවද එම නිවේදනයේ තවදුරටත් සඳහන්.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා