යළි පුටු මාරුවක්
යළි පුටු මාරුවක්
[2015-05-21 10:10]
රජයේ අමාත්‍යවරුන් කිහිපදෙනෙකු අද දිනයේ සිය ධූර වලින් ඉල්ලා අස්වීමට නියමිත බව
දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව අදාළ ධූර වලින් ඉල්ලා අස් වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අමාත්‍ය
ධූර ලබාගත් පිරිසක් බවටයි වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩිලාන් පෙරේරා, අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, සී.බී රත්නායක
සහ පවිත්‍රා වන්නිආරච්චි මෙලෙස සිය ධූර වලින් ඉල්ලා අස් වීමට නියමිතය.
අද පෙරවරුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා අදාළ තීරණය දැනුම් දීමට නියමිත බව
ද සඳහන්වේ.
|